විදේශ පුවත්

අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව පසුගිය ජනවාරි 7 වනදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අශ්‍රිතව පිහිටුවා ඇති අමෙරිකානු ආරක්ෂක කඳවුරකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු සෙබලුන් 109 දෙනෙකු මොළය ආශ්‍රිත ආබාධ වලට ලක්වූ බව කියවේ.

ඉන් 76 දෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සේවයට එක් වී ඇති අතර ඉතිරි 33 දෙනා පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් නොමැත. ඉරාන ජෙනරාල් සෝල්මෙනි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමෙන් පසු පසුගිය ජනවාරි 7 වනදා ඉරානය,ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු කඳවුරට එකට එක කිරීමේ පරමාර්ථයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කිසිදු අමෙරිකානු භටයෙකු තුවාල නොලැබූ බව පෙන්ටගනය මුලදී පවසා සිටියේය.

එහෙත් පෙන්ටගනය වරින් වර ප්‍රහාරයෙන් සිදුවු හානි පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනු ලැබීය. ඊයේ පෙන්ටගනය ඉදිරිපත් කළ වාර්තා වලින් පෙන්වා දුන්නේ  ප්‍රහාරයට ලක්වූ සෙබලු 76ක් හෙවත් 70% ක්  නැවත සේවයට එක්වූ බවයි. එහෙත් ඉතිරි සෙබලු 33 දෙනා පිළිබඳව කිසිදු සඳහනක් කිරීමට පෙන්ටගනය කටයුතු කර නැත.

ජනවාරි 7 වනදා ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු සෙබළු 80කට වඩා මියගිය බව ඉරානය ප්‍රකාශ කර සිටියද අමෙරිකාව එය ප්‍රතික්ෂේප කළේය. වොෂින්ටන් පාලනය ජනවාරි 7 වනදා ඉරානය, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව තම සෙබළු සංඛ්‍යාව දෙගුණයකින් අඩු කළ නමුදු ඉරාක භාරකාර ආන්ඩුව බල කර සිටි “ඉරාකයෙන් පිටවනු” යන යෝජනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරණු ලැබීය.

ඉරාන ඉරාක යුද්ධය අවසන්වූ 1988න් පසුව ඉරානය,ඉරාකය ඉලක්ක කර ප්‍රථම මිසයිල් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පසුගිය ජනවාරි 7වන දා වන අතර එම ප්‍රහාර වලින් පසුව ඉරාකයේ සිටින අමෙරිකානු හමුදාවල  මෙහෙයුම් නවතා දැමීම හෝ අඩකින් පමණ අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More