පුරවැසි කොලම

සයිබර් ප‍්‍රහාරයෙන් හමුදාවට එරෙහි සාක්කිකරුවෝ 4000ක් හෙළිවෙති

⋆ මානව හිමිකම් කවුන්සිලයේ රහස් පරිගණක ජාල 42 කට සයිබර් ප‍්‍රහාර
⋆ රටවල් රැසකට එරෙහිව සාක්කි දුන් ද්‍රෝහීන් හෙළිවෙති
⋆ ගිගාබයිට් 400 ක රහස් තොරතුරු පිටවෙයි
⋆ 2020 වසරේ ගැටුම් ඇතිවන බව බෙල්ජියමේ අයිසීජී සංවිධානය කියා සිටියි

ara2ජාත්‍යන්තර ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය හෙවත් ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් නමැති රාජ්‍ය නොවන සංවිධානය ක‍්‍රියාත්මක වන්නේ බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර සිටය. මේ සංවිධානයට අරමුදල් සපයන්නේ යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල්ය. අයි සී ජී නමැති මේ සංවිධානය මෙම සතියේදී භයානක වාර්තාවක් ප‍්‍රකාශයට පත්කරමින් ආසියාවේ රටවල් අතරින් ඉදිරියේදී ගැටුම් ඇතිවිය හැකි රට ලෙස ශ‍්‍රී ලංකාව නම්කර ඇත.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය වීමෙන් පසු මින්මතු ගැටුම් ඇති නොවන බව රජයේ බලධාරීන් අපේක්‍ෂා කළත් දැන් සිදුවන්නේ කුමක්ද?

මෙලෙස ගැටුම් ඇතිවීමට මුල්වන කරුණු එම වාර්තාවේ දක්වා තිබේ.

මෙහි දැක්වෙන්නේ එම කරුණුයි.

1. 2019 නොවැම්බර් 16 තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම.

2. යහපාලන රජය විසින් මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය හමුවේ ප‍්‍රතිඥා දුන් සංහිඳියාව – වගවීම සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන අත්හැර දැමීම

3. ශ‍්‍රී ලංකාවේ සිංහල සහ බෞද්ධ බහුතරය අතර පවතින ජාතිකවාදී අදහස් මත රජය කටයුතු කිරීම.

4. ජනවාර්ගික සුළුතර පාර්ශ්වවලට ස්වයංපාලනයක් ලබාදීමට මුල්වන යාන්ත‍්‍රණයක් බිහිවීම වැළැක්වීම.

5. උතුරේ විශාල දෙමළ බහුතරය අස්වාභාවික යැයි ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කළ අභීත ප‍්‍රකාශ මත ජන විකාශන රටාව වෙනස් කිරීම සඳහා නිර්මාණය කර ඇති හමුදාමය සහ රාජ්‍ය සහාය සහිත ජනගහන හුවමාරුව

6. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ජනපතිට අමාත්‍ය ධුර කිහිපයක්

ලබාගැනීමට ඉඩ සැලසීම – නීතිපති, පොලිස්පති අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීම සඳහා ඉඩ සලසා ගැනීම

7. මානව හිමිකම් උල්ලංඝනය කළ පිරිස් වලට අදාළ නඩුවල සැකකරුවන් අධිකරණය විසින් නිදහස් කිරීම

8. පළාත් සඳහා බලය බෙදාහැරීම ප‍්‍රතික්‍ෂේප කිරීම

ara3මේ සියලූ කරුණු වලට යහපාලන රජය එකඟවූ අතර එම කරුණු ප‍්‍රතික්‍ෂේප කිරීමට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කි‍්‍රයාකිරීම ගැන ඉන්ටර්නැෂනල් ක‍්‍රසිසස් ගෲප් සංවිධානය දැඩි නොසතුට පළකර තිබේ. මේ නිසා එම සංවිධානය කියන්නේ ඉදිරියේදී ගැටුම් ඇතිවන බවයි. මේ ගැටුම් ඇති කරන්නේ හිටපු කොටි ත‍්‍රස්තයන්ද යන්න එම සංවිධානය හෙළිකර නැත. එහෙත් වහෙන් ඔරෝ භාෂාවෙන් එකී සංවිධානය කර ඇති ප‍්‍රකාශයෙන් ගැටුම් ඇති කරන්නන් කවුදැයි තහවුරු වේ.

මේ පසුබිම මැද අයි. සී. ජී. සංවිධානය යුරෝපා සංගමය සහ ඊට අනුබද්ධ රටවල් ගතයුතු කි‍්‍රයාමාර්ග ගැනද නිර්දේශ කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිර්දේශයි.

1. ජිනීවා යෝජනාව අනුව මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව එකඟ වූ (යහපාලන රජය) ප‍්‍රතිසන්ධාන සහ වගවීමේ න්‍යාය පත‍්‍රයට නැවත එකඟ වීමට ශ‍්‍රී ලංකාව කි‍්‍රයා කළ යුතුයි.

2. 2021 වසරේදී යෝජනාව යළි ඉදිරිපත්වීමෙන් මානව හිමිකම් කවුන්සිලයේ සහයෝගය මත කටයුතු කිරීම

3. වත්මන් රජය ඉහත කී කරුණු ඉටුනොකරන්නේ නම් වෙළෙඳ සහන සහ තීරු බදු සහන (GSP) පිළිබඳ සමාලෝචනයක් අරඹා එම ප‍්‍රතිලාභ යළි දීම ගැන අවදානමක් ඇතැයි ශ‍්‍රී ලංකා රජයට දැනුම් දීම.

4. ජිනීවා යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීම සහ ආපසු හැරවීම සඳහා ශ‍්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් යුරෝපා සංගමය එම යෝජනාව පරාජය කිරීමේ සන්ධානයක් ගොඩනැඟීමට කි‍්‍රයාකිරීම

5. පසුගිය රජය දුන් ප‍්‍රතිඥා ඉටුකරන මෙන් ශ‍්‍රී ලංකාවේ නව රජයට දිගටම බලපෑම් කිරීම

මින් සනාථ වන්නේ බලය බෙදාහැරීම, හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන කටයුතු කිරීම ඇතුළු යහපාලන රජය ප‍්‍රතිඥා දුන් කරුණු ඉටුකිරීමට ගෝඨාභය රාජපක්‍ෂ රජය කි‍්‍රයා නොකළහොත් රටේ ගැටුම් ඇති වන බව අයි සී ජී සංවිධානය අනතුරු ඇඟවීමයි. මේ සංවිධානයට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ කොළඹ ප‍්‍රධානතම රාජ්‍ය නොවන සංවිධානයයි.

පසුගිය යහපාලන රජය එම රාජ්‍ය නොවන සංවිධානයේ ඉල්ලීම් ඉටුකිරීමට කි‍්‍රයා කරනු ලැබීය.

මෙම අයි සී ජී වාර්තාවෙන් වැඩිදුරටත් කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්තමර්දන ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම නිරීක්‍ෂණ කළ යුතු බවයි.

එසේම සන්නද්ධ කටයුතු වලට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් පිළිබඳ නිසි මානව හිමිකම් ආරක්‍ෂණයකින් තොරව සිදුවන පුනරුත්ථාපන වැඩසටහනක් වැළැක්විය යුතු බවද එම වාර්තාවේ දක්වා තිබේ.

මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාව තුළ යළි

ගැටුම් ඇතිවන බව අයි. සී. ජී. සංවිධානය අනාවැකියක් කියන්නේ කෙසේද?

එය ඉතා බියකරු ප‍්‍රකාශයකි. එලෙස ගැටුම් ඇතිවන බවට ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් සංවිධානය සඳහන් කරන්නේ ඊට අදාළ තොරතුරු එම සංවිධානය දන්නා නිසා බව පැහැදිලි වේ.

මේ නිසා රජය සතුරන්ගේ කි‍්‍රයාකලාපය කෙරේ යළි නිරීක්‍ෂණය කළ යුතු වේ, මන්ද සතුරන් අවස්ථාව එනතුරු බලා සිටින නිසාය.

මේ වනවිට ජනපතිහට රජයේ සතුරන් කවුදැයි හෙළිවී ඇත. ද්‍රවිඩ සන්ධානය හිටපු කොටි කොළඹ බටහිර තානාපති කාර්යාල, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන කොටි ඩයස්පෝරාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, දේශීය දේශපාලන සතුරන් යන පාර්ශ්ව ජනපතිට එරෙහි සතුරෝ වෙති.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පරිගණක ජාල 42 කට පසුගියදා බරපතළ සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය. මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ මෙම සයිබර් ප‍්‍රහාරය සිදුකළ පිරිස දත්ත අභ්‍යන්තර තොරතුරු විiුත් ලිපි පුද්ගලික තොරතුරු ඇතුළු නව්‍ය තොරතුරු වලට පිවිස ඇති බවයි. මෙම සයිබර් ප‍්‍රහාරකයන් විසින් සොරාගෙන ඇති රහස්‍ය තොරතුරු වල ප‍්‍රමාණය ගිගාබයිට් 400 ක් වේ.

එහෙත් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මෙම සිද්ධිය වසන් කර තිබුණි. මානව හිමිකම් කවුන්සිලයේ රහස් පරිගණක ජාලය තුළ සවුදි අරාබියාව, යේමනය, සිරියාව, ශ‍්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක රහස් තොරතුරු අඩංගුවී තිබූ බව හෙළිවිය.

මින් ශ‍්‍රී ලංකාවට එරෙහි දරුස්මාන් වාර්තාවට සාක්කි දුන් 4000 ක පිරිස කවුද සහ ඔවුන්ගේ තොරතුරුද එම පරිගණක ජාලවල අඩංගු විය. මෙම අතිශයින් රහසිගත තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබාදීම මානව හිමිකම් කවුන්සිලය ප‍්‍රතික්‍ෂේප කළේ ඉන් සාක්කිකරුවන් අනාවරණය වන නිසාය.

මේ හැර වාර්ෂිකව ශ‍්‍රී ලංකාවේ සිට මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු සපයන මානව හිමිකම් ආරක්‍ෂකයන් යැයි හඳුන්වන අයගේ තොරතුරුද එකී

පරිගණක ජාලයේ තැන්පත්වී තිබුණි.

මෙලෙස එල්ල වූ සයිබර් ප‍්‍රහාරය නිසා මානව හිමිකම් කවුන්සිලයේ රහස් හෙළිවීමෙන් ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ සිදුකළ බවට සාක්කි දුන් සිංහල සහ ද්‍රවිඩ පාර්ශ්වද මානව හිමිකම් ආරක්‍ෂකයෝ යැයි හඳුන්වන පිරිසද දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

එහෙත් නව පරිගණක ජාලවල රහස් පිටවී ඇති බව මානව හිමිකම් කොමසාරිස්වරිය 1600 ක්වූ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නේ නැත. ඒ වෙනුවට ඇය පැවසුවේ නව විiුත් ලිපිනවල රහස් වචන වෙනස් කරගන්නා ලෙසයි.

මෙලෙස මානව හිමිකම් කවුන්සිලයට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීම ගැන එම කවුන්සිලයේ බලධාරීන් පැවසුවේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් ගැන අතිශයින් රහසිගත තොරතුරු කවුන්සිලය සතුව තිබූ අතර එම තොරතුරු පිටවීමෙන් ඔවුන් බරපතල තත්ත්වයකට මුහුණපාන බවයි.

2019 ජුලි මසදී මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවීමත් සමඟම මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් ගැන සඳහන් වන අතිශයින්ම රහසිගත තොරතුරු පිටස්තර පාර්ශව අතට පත්වී ඇතැයි කවුන්සිලය සැකකරයි.

එසේම සොරාගෙන ඇති තොරතුරු කුමක්දැයි මානව හිමිකම් කවුන්සිලය හෙළිකර නැත.

එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලයේ පරිගණක ජාලයෙන් සොරාගත් තොරතුරු මත ආණ්ඩුවලට මානව හිමිකම් කි‍්‍රයාකාරීන් ගැන නිරීක්‍ෂණය කිරීමට හා අත්අඩංගුවට ගැනීමටද හැකිවන බව මානව හිමිකම් කවුන්සිලය කියා සිටියි.

ශ‍්‍රී ලංකාවෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු සපයන පාර්ශව ඇත. ඔවුන් අතර රජයට මෙතෙක් හෙළිවී නැති පුද්ගලයෙකු වේ. ඔවුන් අතර දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක නිලධාරින්ද සිටිති. ශ‍්‍රී ලංකාවේ කිසිදු රජයකට අද වන තුරු මේ පිරිස කවුරුන්දැයි අනාවරණය වී නොමැත.

2019 මැයි 19 වැනිදා වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ සිදුකළ බව කියමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා විමර්ශන වාර්තා 80 කට අධික සංඛ්‍යාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඇය එම වාර්තාවල සාක්කිකරුවන් 70 කගේ නම්ද සඳහන් කර තිබුණි. මොවුන් හිටපු කොටි ත‍්‍රස්තයන්ය. එම කොටි ත‍්‍රස්තයන් අතුරුදන්වූවන් ලෙස වාර්තා විය. එහෙත් යුරෝපා රටවල් විසින් ඔවුන්ට දේශපාලන රැුකවරණ ලබාදී තිබුණි.

මෙයට අමතරව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පටලවා ඔවුන් කොටි හමුදා නායකයන් ඝාතනය කළ බවට ශ‍්‍රී ලාංකික සාක්කිකරුවකු විසින් සාක්කි ලබාදී තිබේ. මොහු පී. එෆ්. නමැත්තෙකි.

ඔහුගේ අනන්‍යතාවද මානව හිමිකම් කවුන්සිලය විසින් රහසක් ලෙස සිය පරිගණක ජාලයේ අඩංගු කර තිබුණි.

ගෝඨාභය රාජපක්‍ෂට සහ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ බරපතළ සාක්කියක් විය.

තමා වන්නි මෙහෙයුමේ හමුදා මෙහෙයුම් වලට සහභාගි වූ මාධ්‍ය පාර්ශවයක් ලෙසින් ඔහු සිය සාක්කිය ලබාදී ඇත.

එහෙත් පවුලේ අය සමඟ ස්විස්ටර්ලන්තයට පැනයෑම සඳහා ඔහු විසින් එය මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදුන් බොරු සාක්කියක් වේ.

මේ බොරු සාක්කිකරුට අමතරව හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකුගේ සාක්කියක්ද මානව හිමිකම් කවුන්සිලයේ රහසිගත ලියවිලි අතර විය.

මේ අයුරින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු සපයන්නන් අනාවරණය වීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් අද වනතුරු කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

එහෙත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශක ස්ටෙන්ප්ගේ ඩුජාරික් පැවසුවේ එම සිදුවීම ඉතා බරපතළ බවයි.

මෙලෙස මානව හිමිකම් කවුන්සිලයේ රහස්‍යභාවය බිඳ දැමූ සයිබර් ප‍්‍රහාරකයා මාස 6 ක් ගතවී ඇතත් සොයා ගැනීමට ස්විස් රජයට හෝ මානව හිමිකම් කවුන්සිලයට නොහැකි වී ඇත.

මේ සිදුවීම් ගැන මානව හිමිකම් කවුන්සිලය සමඟ තොරතුරු හුවමාරු කරගන්නා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීහුද නිහඬ වී සිටිති.

මෙහිදී මතුවී ඇති තවත් බරපතල ප‍්‍රශ්නයක් නම් යහපාලන රජය සමයේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට මෙරටද තොරතුරු සැපයුවන්ද හෙළිවී ඇද්ද යන්නයි. ඉදිරියේදී සයිබර් ප‍්‍රහාරකයා එම තොරතුරු හෙළිකිරීමෙන් මානව හිමිකම්

රැුකවලූන් යයි කියාගන්නා පිරිස් පැළඳ සිටි වෙස් මුහුණු බිමට වැටෙනු නියතය.

මේ අතර 43 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් වත්මන් රජයේ ප‍්‍රතිචාරය මෙතෙක් හෙළිවී නැත.

2009 කොටි යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු කිසිදු රජයක් දරුස්මාන් වාර්තාවෙන් එල්ල කර ඇති ද්‍රවිඩයන් 40000 ක් ඝාතනය වූ බවට එල්ලවන චෝදනාවට අභියෝග කර නැත.

මෙවන් පසුබිමක් මැද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වෙත හදිසි සංදේශයක් යවමින් මෙලෙස දන්වා ඇත.

‘‘මාරපන මාවතේ ජිනීවා යෑම යනු අපගේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමක් නොවේ.

පසුගිය ජනපතිවරණයේදී රණවිරුගායෙන් යුක්තව දහස් සංඛ්‍යාත දේශපේ‍්‍රමී ජනතාවක් විදේශවල සිට ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණියහ. ඒ නිසා රටේ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඡුන්දය පාවිච්චි කළේය. ඔවුන් ඡුන්දය භාවිත කළේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලින් ඔවුන් ගලවා ගැනීම උදෙසායි. මේ නිසා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටු සාමාජිකයන් සහ ජාතික සංවිධාන කමිටු සාමාජිකයන් සමඟ පූර්ණකාලීන කමිටුවක් පත්කර එම කමිටුවේ නිර්දේශ 43 වැනි මානව හිමිකම් සමුළුව වෙත යොමුකර රණවිරුවන් නිර්දෝෂ බව සනාථ කරන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් 30/1 සහ 40/1 ජිනීවා යෝජනාවල සම අනුග‍්‍රහයෙන් ඉවත්වන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

මේ සංදේශය ජනපති

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතද යවා තිබේ.

මේ සංදේශයට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවට අයත් ලේකම් යසස් ධර්මදාස, සභාපති එරික් මාකවිට, සේනක රාජපක්‍ෂ, හර්ෂ පෙරේරා, ලලිත් පේ‍්‍රමලාල්, ප‍්‍රසංග ජයමාන්න, ජගත් චන්ද්‍රවංශ සහ නුවන් බෙල්ලන්තුඩාව අත්සන් කර ඇත.

මෙවන් පසුබිමක් මැද දරුස්මාන් වාර්තාවට අභියෝග කරමින් බි‍්‍රතාන්‍ය නේස්බි සාමිවරයා ඉදිරිපත් කළ ද්‍රවිඩ සිවිල් වැසියන් 6000 ත් 7000 ත් අතර සංඛ්‍යාවක් වන්නි මෙහෙයුමේදී මියගිය බවට දැක්වෙන රහස් ලියවිල්ල වත්මන් රජයද 43 වැනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකරන බව මේ දක්වා ප‍්‍රකාශ කර නැත.

නේස්බි සාමිවරයා යළිත් වරක් අපේ‍්‍රල් 3 දා මෙරටට පැමිණීමට නියමිතය.

මේ අතර උතුරු මහ ඇමැතිව සිටි සී.

විග්නේෂ්වරන් යහපාලන රජය සමයේ දියත් කළ මෙහෙයුම් යළිත් ආරම්භ කර ඇත.

ඔහු මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙතින් ඉල්ලීමක් කරමින් අතුරුදන්වූ බව කියන ද්‍රවිඩයන් ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලා ඇත.

එහෙත් අතුරුදන්වූ බව කියන ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක් රටවල් රැුසක සිටින අතර එම රටවල් ඔවුන් ගැන තොරතුරු ලබාදීමෙන් වැළකී සිටී.

ස්විස්ටර්ලන්තය, කැනඩාව, ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, බි‍්‍රතාන්‍යය යන රටවල මේ අතුරුදන්වූවෝ දේශපාලන රැුකවරණ ලබා ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ ¥ත කණ්ඩායමක්වූ මෝනාරිස්මාවි, රෝරි මුන්ගෝවන්, ප‍්‍රාන්සෙස්කා මැරෝමා සහ රඝු මෙනන්ද මේ සතියේදී මෙරටට පැමිණියේ වෛරය උපදවන ප‍්‍රකාශ සම්බන්ධව රජය ගනු ලබන කි‍්‍රයාමාර්ග විමසීමටය.

මේ අතර 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන අවස්ථාවේ උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් යැයි හඳුන්වාගත් කාන්තාවන්ට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉල්ලීමක් කරමින් ශ‍්‍රී ලංකා රජය සමූල ඝාතන කි‍්‍රයාදාමයක් සිදුකර ඇති බව දක්වමින් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඇත. එසේම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව පිළිබඳව සෙවීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසද ඉල්ලා තිබේ.

මේ තත්ත්වය මැද මෙරට කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැක්කිනොන් නැමැත්තා යාපනයට ගොස් නගරාධිපති ආර්නෝල්ඞ් එමානුවේල් ගවුස් යාපනය සහ කැනඩාවේ ටොරොන්ටෝ අතර ගිවිසුමක් අත්සන් කිරීමට එකඟ වී ඇත.

මෙහිදී යෝජනා වී ඇත්තේ යාපනය නගරය නඟාසිටුවීමට කැනඩා ද්‍රවිඩ කොංග‍්‍රසය ලවා කැනඩා විශේෂඥයකු පත්කිරීමටය. මෙම කැනඩා ද්‍රවිඩ කොංග‍්‍රසය පසුගිය කාලය මුළුල්ලේ ශ‍්‍රී ලංකාවට එරෙහි වූ කොටි හිතවාදී සංවිධානයකි.

එවන් සංවිධානයක නියෝජිතයකුට යාපනය නගරය නඟාසිටුවීමට මෙරටට ඒමට ඉඩදිය යුතුද?

මේ අතර 72 වැනි නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීම

ගැන දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල විරෝධයට ලක්වී ඇත. කොළඹ ප‍්‍රධාන සාම වෙළෙන්දාවූ ජාතික සාම මණ්ඩලය ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන්ද ගායනා කළයුතු බව ජනපති හා රජයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ව්‍යාර්ථ විය. ඉන්දියාවේ භාෂා රැුසක් ඇති අතර එරට ජාතික ගීය සියළු භාෂාවලින් ගායනා කෙරෙන්නේ නැත.

මේ පසුබිම මැද කොටි ඩයස්පෝරාව යුරෝපා රටවල්වල කොටි හිතවාදීන්ට හදිසි පණිවුඩයක් යවමින් ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට එක්වන ලෙස උපදෙස් දී තිබේ.

 

ඉරිදා දිවයින

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2021 මාර්තු වන තෙක් ජිනීවා යෝජනාවලියෙන් ඉවත් විය නොහැකියි… මානව හිමිකම් කවුන්සිල ආරංචි මාර්ග කියයි

2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය. එම යෝජනාව සම්මත වූවක් නිසා එල...


Read More

පාන්පිටි මාෆියාව ජනපතිට කොකා පෙන්වයි – බදු සහන දීර්ඝ කෙරේ.

ජනපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වී ගොවියා රැකබලා ගැනීම සඳහා ප්‍රභල පියවර රැසක් ගෙන ඇති තත්වයක් යටතේ භාණ්ඩාගාර නිලධාරීන් ඊට ප්&#...


Read More

බහුජාතික සබන් මාෆියාකාරයින්ගෙන් ‘‘ලංකා ලීඩ් නිව්ස් ‘‘ වෙත තර්ජන

ශ්‍රී ලංකාවේ බහුජාතික  සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට්...


Read More