එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් තිස්පස්දෙනෙකුගේ පමණ අත්සන් ඇතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කිරීමට සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
මෙම ලිපිය සඳහා එජාප මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය බලාපොරොත්තු වන බවද රාජ්‍ය ආමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන බව කියන එජාපයේ විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ ස්ථාන තුනකදී රහස් සාකච්ඡා පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය මත එජාපය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු මොනවාදැයි අද දිනයේ සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනුයේ පුද්ගලික කාරණයක් මතද, එසේත් නැතිනම් සැබෑ තොරතුරු මත පදනම්වද යන්න සොයා බලා ඊට සහාය දෙනවාද නැද්ද යන්න අවසන් තීන්දුවක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.
එජාප විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අපට ගැළපෙන්නෙ නැත්නම් අපි දැනටමත් මන්ත්‍රීවරුන් 32 අත්සන් ලබාගෙන තිබෙන අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අනෙක් අත්සන් ලබාගෙන කථානායකට භාර දීමට බලාපොරොත්තු වෙනවා යැයි රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා ඊයේ (04) සවස අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...