පුරවැසි කොලම

මේ වනවිට කොරෝනා ගැන නො දන්නා කෙනෙක් නැති තරම් ය. එය ලෝක අවසානයේ මුව විටට සමස්ත ලෝකයම පැමිණ ඇති බවට බටහිර  මධ්‍ය මගින් නිරන්තර වම සමස්ත ලෝක වාසීන් හටම භීතිය වපුරමින් සිටී.

කොරෝනා  වයිරසය තරමක් භයානක නව ප්‍රභේදයක් බව නොරහසකි. එහෙත් මෙම වෛරසයේ අලගිය මුලගිය තැන් හා එය චීනය විසින් නිපදවා ස්ව කැමැත්තෙන්  තම ජාතිය විනාශ කිරීමට යොදාගත්තේ යයි බටහිර මාධ්‍ය ප්‍රකාශ කරයි.

චීනයද සියලු කටයුතු  පසෙක දමා කොරෝනා  මාරයා සමග පොර බදිමින් සිටී.  බටහිරට උත්තර දීමට තරම් වේලාවක් හා ප්‍රමුකතාවයක් තවමත් චීන නායකයින්ට නැත. ඒ වෙනුවට තම ජනතාව හා සමස්ත ලෝක වාසීන් වෙනුවෙන් ඔවුන් දිවා රෑ වෙහෙසීමෙන් කටයුතු කරමින් සිටී. ඔවුන් කොරොනා මාරයා මෙන්ම ඒ පිටුපස සිටිනා සියලු බලවේග ද අනාගතයේ නිසැකවම පරදවනු ඇත.

තවමත් කත්‍රීනා සුලි කුණාටුවෙන් අවතැන් වූවන් සිටින,  යුද වීරයන් නිවාස නොමැතිව පාරේ නිදන,  අවම සවුක්‍ය පහසුකම් වත් ජනතාවට ලබාදීමට අපහසුවූ ඇමරිකාවට සහ ඔවුන්ගේ රූකඩ රාජ්‍ය යන්ට සෞඛ්‍ය ආපදාවක දී තම ජනතාව වෙනුවෙන්  රජයක් ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න ඔවුන්ට මෙන්ම සමස්ත ලෝකයටම කොරොනා  ව්‍යසනය තුලින් චීනය ආදර්ශයක් හා මග පෙන්වන්නෙක් වී සිටී.

කොරෝනා ප්‍රශ්නය ගැන බටහිර මාධ්‍යය සැබෑ වශයෙන්ම ඔවුන්ගේ මාධ්‍යය තුලින් සමබර ප්‍රවුර්ති හෝ සත්‍ය හෙලි කරයි ද?  නැතහොත් ලෝකයේ බල අරගලයේ එක් පාර්ශ්ව කරුවෙකුගේ අතකොළුවක් පමනක්ද? නැතහොත් සමස්ත ලෝකවාසීන්ට මරණ  භීතිය ඇති කරණ ජීවවිද්‍යාත්මක අවි නිපදවන්නන්ගේ ගොදුරක් බවට පත්කර ඒ මත ඇති කරන ඩොලර් ට්‍රිලියන ගනන්වන බෙහෙත් හා රෝහල් උපකරණ, ආරක්ෂිත උපකරණ හා එන්නත් නිපදවන්නන්ගේ වෙළඳ ප්‍රවර්ධන ක්‍රියා දාමයක ආරම්භයක්ද?  යන්නත්,  නැතහොත් බටහිර මාධ්‍යය ප්‍රකාශ කරණ ආකාරයේ මෙය චීනාගේ අත්වැරැද්දක් ද යන්න සොයා බැලීම  මෙම ලියුම් කරුගේ උත්සාහයයි.

 

 තම ඇහේ ඇති පරාලය නොපෙනෙන බටහිර මාධ්‍යය.

කැනඩාව, ෂැංහයි වලට සමාන ජනගහනයක් සිටින රටකි. ඇමරිකාවට හා කැනඩාවට මේ ඉන්ෆ්ලුවන්සා උන පැතිරෙන සමයයි. එය සෑම අවුරුද්දකම සාමාන්‍ය දෙයකි. මේ වන විට මෙම උණ සමය තුළ තහවුරු වී ඇති රෝගීන් 20,000 කට වැඩි සංඛ්‍යාවක් ද, රෝහල් ගතවීම් 2,200 ක් සහ මරණ 85 ක් කැනඩාව තුල  වාර්තා වී ඇති අතර, එය දළ වශයෙන් මුළු චීනයම නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වූවාට හා සමාන වේ.

නමුත් උණ ගැන කැනඩාවේ කිසිදු භීතියක් නොමැති අතර යුනයිටඩ් එයාර්ලයින්ස් කැනඩාවට යන සියලුම ගුවන් ගමන් අවලංගු කර නොමැත.

මෙම උණ සමයේ දී එක්සත් ජනපදයේ ඉන්ෆ්ලුවන්සා ආසාදිතයින් ප්‍රමාණය මිලියන  15ක් වන අතර , රෝහල් ගතවීම් 140,000 ක් සහ මරණ 8,500 ක් පමණ සිදුවී ඇත. මෙම සංඛ්‍යාව  ඇමරිකානු CDC. වෙබ් පිටුවට ගොස් ඕනෑම කෙනෙකුට තහවුරු කර ගත හැක.

 

එහෙත් මෙම ඉන්ෆ්ලුවන්සා උණ ගැන එක්සත් ජනපද මාධ්‍යවල කිසිවක් සඳහනක් කර නැති අතර එක්සත් ජනපද රජය තම රට තුල කිසිම නගරයක් හෝ ගුවන් ගමන් වාරයක්  නවතා දමා නැත.  ඊටත් වඩා පුදුමය වන්නේ, වර්ෂ 2017 දී එක්සත් ජනපදය උණ රෝගයෙන් මරණ 61,000 ක් වාර්තා කළ අතර මිලියන 45 ක් ඉතා බරපතල ලෙස  රෝගාතුර වූ නමුත් එක්සත් ජනපද රාජ්‍ය ජාතික හදිසි අවස්ථාවක් සඳහන් නොකල අතර රට තුල ජන ජීවිතය සාමාන්‍ය පරිදි පැවතුනි.  ඉන්ෆ්ලුවන්සා  තරම් කොරොනා  භයානකද?

කොරොනා  වයිරසය  පටන් ගැන්ම බෝවීම හා මරණ ප්‍රමාණය පහත පරිදි වන අතර එය ඉන්ෆ්ලුවන්සා  මගින් ඇති කල  පැතිරීම සහ මරණ

සංඛ්‍යාව හා සැසදීමේදී මෙම බටහිර  මාධ්‍යයේ හෙලුව කෙතරම් දුරට හදුනාගත  හැකිද.

ආසාදන ඉතිහාසය (2019 දෙසැම්බර් 31 – 2019 ජනවාරි 31 දක්වා.

දෙසැම්බර් 31 – 1

ජනවාරි 03 – 44

ජනවාරි 21 – 225

ජනවාරි 23 – 830

ජනවාරි 24 – 1,295

ජනවාරි 25 – 1,950

ජනවාරි 26 – ආසාදන 2,744 ක්, මරණ 80 ක්

ජනවාරි 27 – ආසාදන 4,515 ක්, මරණ 105 ක්

ජනවාරි 28 – ආසාදන 5,974 ක්, මරණ 132 ක්

ජනවාරි 29 – ආසාදන 7,711 ක්, මරණ 170 ක්

ජනවාරි 30 – ආසාදන 9,692 ක්, මරණ 216 ක්

ජනවාරි 31 – ආසාදන 9,800 ක්, මරණ 216 ක්

( මූලාශ්‍රය: චීන රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත)

මෙයට අමතරව තවමත් එය ලෝක මට්ටමින් පැතිරී ඇත්තේ රටවල් 20-21 පමණ වන අතර  චීනයෙන් පිටත ආසාදන 150 ක් පමණ වාර්තා වී ඇත. චීනය  ඇතුළු සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය ජනවාරි  31 වන විට 10,000 ක් පමණ විය.

එමෙන්ම මේ වනවිටත් චීනයෙන් පිටත වාර්තා වී  ඇත්තේ එක් මරණයක්  පමණක් වන අතර අනෙක් වාර්තාගත මරණ සියල්ලම චීනයේ ප්‍රධාන භූමිය තුල  සිදු වූ  මරණ විය.මෙය සාමාන්‍ය සෘතුමය ඉන්ෆ්ලුවන්සා  වෛරස් උණ රෝගයට සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් බව ඕනෑම පුද්ගලයකුට පැහැදිලි  වන්නේය . ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, 2017 තුලදී පමණක් ලොවපුරා  ඍතුමය උණ වයිරස ආසාදන  මිලියන 5 ක් සහ මරණ 650,000 ක් සිදුවී ඇත. හොංකොං හි, සෑම වසරකම (සහ මේ වසරේ) සාමාන්‍ය උණ රෝගයෙන් සිදුවණ මරන සංඛ්‍යාව දරුණු යැයි ප්‍රචලිත  SARS වයිරසය  ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සමග සැසදීමේදී ඉහල අගයක් වාර්තා වවන්නේය .  නමුත් හෝංකොන්ග් තුල ජනවාරි  31 වනතෙක්  තහවුරු කරන ලද කොරෝනා  වෛරස් රෝගීන් සංක්‍යාව  6 ක් පමණකි. එහෙත් කොරෝනා  නිසා යැයි පවසමින්  හොංකොං සහ චීන  ප්‍රධාන භූමිය මෙන්ම, දුම්රිය අතර බොහෝ ගුවන් ගමන් සහ දුම්රිය ප්‍රවාහනයද වසා දමා ඇති අතර  එහි මායිම් සහ වරායන් බොහොමයක් ද වසා දමා ඇත.

මේන්ලන්ඩ් චීනයේ, නව වෛරසයට වඩා 2002-2003 කාලය තුළ SARS වල ආසාදන හා මරණ මට්ටම ඉහල අගයක් පෙන්වූහ.  නමුත් කොරෝනා  මරණ අනුපාතය බෙහෙවින් අඩු වුවද, බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති රටක මරණ 200 ක් හෝ 300 ක තත්වය  ලොව පුරා මිලියන ගණනක් මරණයට පත් කල Spanish  flue  ස්පැනිශ් ෆ්ලූ හා සමපාත කර ලොවපුරා ඇති කරන භීතිය  (fear psychosis)  තත්වයක්  කොතරම් භයානකද  යන්න සිතා බැලිය යුතු වේ.

ඇත්ත වශයෙන්ම චීනය තුල ද සෑම වසරකම සරල උණ රෝගයෙන් තවත් බොහෝ මරණ අත්විඳින නමුත් චීනය මෙම නව කොරෝනා  වෛරසයට එරෙහි සටනට සහය දැක්වීම සඳහා RMB බිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් (ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ) වෙන් කර ඇත.  චීනය තුලද භීතිය සහ වසන්ගතයට  එරෙහිව අධික ප්‍රතික්‍රියා වන්වල ඇති කිරීමට  මෙම රෝග කාරකයේ අලුත් බව සහ ලෝක මාධ්‍යයේ තෙරපුමට ලක් වූ ජනතාවගේ  විශ්වාසය තහවුරු කිරීමට ක්‍රියා කිරීමට ද  චීන රජය පත්වී ඇති බවක්ද පෙන්වීම අතිශයෝක්තියක්  නොවන්නේය.

චීනයේ  මෙම නිවාඩු කාලය තුළ දුම්රිය ගමන් කිරීම පසුගිය වසරේ එම කාලයට වඩා 75% කින් පමණ අඩු වී තිබේ.  චීනය රටේ අලුත් අවුරුදු නිවාඩුව දීර්ඝ කළේ පුරවැසියන්ට තම නිවෙස්වල වැඩි කාලයක් හුදෙකලා වීමට ඉඩ දීමේ උත්සාහයක් වශයෙනි, නමුත් වැඩි කල් නොගොස් විශාල සංචාරකයින් පිරිසක් තම වාසස්ථානයට හෝ රැකියාවට නැවත පැමිණෙනු ඇත.

රටවල් ගණනාවක ගුවන් සමාගම් චීනයට යන සියළුම ගුවන් ගමන් අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් අවලංගු කරන බව නිවේදනය කළහ.  රුසියාව, මොන්ගෝලියාව සහ උතුරු කොරියාව මාර්තු 1 වනදා දක්වා චීනයට යන සියළුම හරස් මාර්ග අවහිර කර ඇත. රුසියාව කිලෝමීටර් 4,200 ක දේශ සීමාව  වසා දමා ඇත.  එක්සත් ජනපදය සහ තවත් බොහෝ රටවල් චීනයට යන ගමන්  වළක්වා ගැනීමට නිර්දේශ කර ඇත.  එසේම, චීනයේ බොහෝ බටහිර     ස්ටාර්බක්ස් ,මැක්ඩොනල්ඩ්ස් සහ  අයිකේයාර් සහ වෙනත් බටහිර ව්‍යාපාර  තාවකාලිකව ඔවුන්ගේ ව්‍යාපාර  වැසීමට තීරණය කොට ඇත.

රෝමයේ රෝගීන් දෙදෙනෙකු  තහවුරු වීමෙන් පසුව ඉතාලි රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ කොරෝනා  වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා යැයි කියනු ලැබේ.  ඉතාලිය, එයාර් ප්‍රංශය, ඩෙල්ටා ගුවන් සේවය, එයාර් කැනඩාව, බ්‍රිතාන්‍ය එයාර්වේස්, ලයන් එයාර් සහ සෝල් එයාර්, ෆිනෙයාර්, කැති පැසිෆික් හා ජෙට්ස්ටාර් ඒෂියා යන ගුවන් සේවා ඇති රටවල් චීනයට සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.  මෙයට අමතරව  තවත් ගුවන් සමාගම් කිහිපයක් ගමන් බිමන් සඳහා ඇති ඉල්ලුම නිසා චීනයට පියාසර කරන ගුවන් ගමන් සංඛ්‍යාව අඩු කරමින් සිටි.

එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් චීනයෙන් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල යන් ඉවත් කර ගෙන ඇත. ඕස්ට්‍රේලියාව කියා සිටියේ තම ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 1,600 ක් පමණ දුරින් පිහිටි කුඩා දූපතක සති දෙකක් තිස්සේ සැක සහිත ආසාදිතයින්  නිරෝධායනය කරන බවය. පසුගිය සති දෙක තුළ චීනයේ ප්‍රධාන භූමියට ගිය සියලුම සංචාරකයින්ට සිංගප්පූරුව තහනම් ප්‍රදේශයක් කර ඇත . එමෙන්ම සංචාරකයින් 6,000 කට වැඩි පිරිසක් සිටි සංචාරක  නෞකාවක සැක සහිත ආසාදිතයකු සිටීමේ හේතුවෙන් පසුගිය සතියේ  ඉතාලි වරායක එම  නෞකාවට කොටු වී සිටිමට සිදුවිය.  මේ අනුව බටහිර මාධ්‍ය මගින් සත්‍යයට වඩා සන්විදානාත්මක බොරුව විසින්  ලෝකය පාලනය කරමින් පවතින බවට කොරෝනා  ආසාදන සිද්ධියේ දී මොනවාට පැහැදිලි වන්නේය .

 

සන්ව්ධානාත්මක  බොරුවේ පන්ගු කාරයකු වූ ලෝක සෞඛ්‍ය  සංවිධානය හා කොරෝනා  ප්‍රශ්නය ගෝලීය හදිසි අවස්ථාවක් බවට ප්‍රකාශයට පත් කිරීම.

ජනවාරි 30 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය පැතිරීම ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය පුදුම සහගත  “අසාමාන්‍ය සිදුවීමක්” වන්නේ එය සාමාන්‍ය  ඉන්ෆ්ලුවන්සා  වසන්ගතය තරම් වත් භයානක නොවන අවදියකදීය.

මෙහි දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ චීනය කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් හෝ චීනයේ සිදු වෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ නිසා බවත්, “අපගේ ලොකුම කනස්සල්ල වන්නේ මෙම වෛරසය පැතිරීමට ඇති හැකියාව සහ දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට, ඒ සමඟ කටයුතු කිරීමට ඇති අපහසුතාවය නිසා ගත් තීරණයක් බවත්ය . නමුත් ඒ වන විටත් රටවල් විසි දෙකක් තුල වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 150 පමණ විය.

මීට අමතරව CNN, South China morning  post  වැනි  බටහිර න්‍යායන්ට  අනුකූලව මාධ්‍ය හසුරන ආයතන මගින් හොන්කොන්ග්වල මෙන් චීනය තුල ජනතාව  චීන රජයට විරුද්ධව කැරලි කෝලාහල ඇතිවන්නේ යැයි උප කල්පනය කරමින් පුවත් මවන්නන් බවට පත් වී ඇත. රට තුල චීනය විසින් ඇති කර ඇති සාර්ථක නිරෝධායණ වැඩ පිලිවෙල මගින් ඔවුන් බලාපොරොත්තුවූ  අර්බුදය” ඇති නොවූ හෙයින් එම සාර්ථක  නිරෝධායණ වැඩපිලිවෙල  ඔවුන් විවේචනය කරන්නේ ඒ මගින් වූහාන් ජනතාවගේ  මානව අයිතීන් කඩවන බව පවසමිනි.

මෙම මහා ව්‍යසනය තුල භිතියට පත්වීමේ හේතුවෙන් SARS රෝගයද පැතිරි  යන බවට වැරදි තොරතුරු බෙදා හරින ලද  අට දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන් දැනුවත් කර හා අවවාද කොට මුදා හැර ඇත. මෙම සිද්ධිය මුල්කොටගෙන චීන විරෝධී  මඩ ප්‍රවෘත්ති මෙම ප්‍රවුර්ති  ආයතන ප්‍රචාරණය  කරමින් සිටී.

 

ලෝක සෞඛ්‍ය සන්විදානය හා big pharma  බහුජාතික සමාගම් අතර ගනුදෙනුවක් තිබේද?

සූකර උණ

2009 වර්ශයේදී ලෝකය තුල H1N1 ඉන්ෆ්ලුවන්සා නොහොත් සූකර උන රෝගය ඇතිවිය. මෙහි දී මෙම රෝගය pandemic වසන්ගත තත්වයක් බවට පවත්වන බවත් වසර දෙකක් තුල ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් නොහොත් බිලියන දෙකක ජනතාවක් එයට බිලිවන බවත් පවසා එය ලෝක මට්ටමේ සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්වයක් ඇති කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Margret Chan මහත්මිය 2009 වර්ශයේදී නිල වශයෙන්  ප්‍රකාශ කලේය.

මෙයට අමතරව ඇය විසින් ස්තීර කර සිටියේ මේ තත්වයට මුහුණ දීම සදහා ලෝකයේ එන්නත් නිපදවන්නන් හට මේ සන්දහා එන්නත් වඩි බිලියන 4.9 වර්ෂයකට නිපදවිය යුතු බවත් ඒ සන්දහා  සියලු කටයුතු සුදානම් කලයුතු බව සදහන් කලහ.

ලෝකයේ එන්නත් නිපදවන සමාගම් වන Glaxo SmithKline, Novartis, Merck & Sharp, Sanofi, Pfizer වැනි සමාගම් වල ආදායම් නොසිතූ අයුරින් ඉහල ගිය අතර ලොව පුර ලොකු පොඩි රටවල නායකයන් ද මෙම බිය වැද්දීමට හසු වී එම රටවල ප්‍රසම්පාදන පටිපාටිවලට ඉහලින් ගොස් මෙම එන්නත් මිලදී ගැනීමට  පෙලඹ වූහ. 2009 ජූලි 24 වන දින එක්සත් ජනපද  ජනාධිපති බැරැක් ඔබාමා විසින් මේ පිලිඹද කරන ලද නිල නිවේදනයට අනුව මෙම බොරු බිය වැද්දීම් ලෝකයේ ඉහලම රාජ්‍ය නායකයන් පවා හසු කර ගත් ආකාරය මොනවට පැහැදිලි කරන්නේය. ( නිල නිවේදනය- සූකර උන රෝගය වසන්ගතයක් වී වසර දෙකක් තුල ඇමරිකානු ජනතාවගෙන් 40% වඩා බෝවීමට ඉඩ ඇත. එන්නත් කිරීමෙ ව්‍යාපාරය හා අනෙකුත් සෞඛ්‍ය රක්ශන අඩ පන වුවහොත් එයින් සිය දහස් ගණනක් මරණයට පත්වියහැක.) ඔබාමාගේ මෙම ප්‍රකාශය කරන විටත් සූකර උන එන්නත් වඩි මිලියන 160ක් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි.

එහෙත් ලෝක මට්ටමේ ව්‍යාප්ත වන  pandemic තත්වයක් අදවන තෙක් ඇතිවී නොමැත. මෙම එන්නත් රාජ්‍ය ගබඩා වලට ලංවනවිට  H1N1 වයිරසය ජාන වෙනසකට පත්වී තිබීම හේතුකොට ගෙන මෙම මිලියන ගණනක් වූ එන්නත් විනාශ කිරීමට සිදු විය

කුරුළු උණ.

මේ හා සමානම H5N1 නොහොත් කුරුලු උන රෝගය සදහාද මේ හා සමානම සිද්ධි මාලාවක් ඇතිවිය. එහිදී සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා සදහා ලබාදෙන Tamiflu  නැමැති ඖෂධය මේ සදහා නියම කෙරුණු අතර පසුව සොයාගත් තොරතුර වලට අනුව Tamiflu ඖෂධය ය H5N1 සදහා සායනිකව තහවුරු කිරීමක් නොකර විකිණීම සදහා පමනක් ලෝක සෞඛ්‍ය සන්විධානයට සම්බන්ධ වයීද්‍ය වරුන් විසින් නියම කර තිබුනු බවට විවේචනයට බදුන් විය. එහෙත් ඒ වනවිටත්    ලොව පුරා ඩොලර් බිලියන  20කට වඩා මෙම Tamiflu විකිනීමෙන් Ciba-Guigi නැමැති සමගම ආදයම් ඉපයූ බවට වාර්තා පලවිය. ඇමරිකාව පමනක් තම රටේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජනතාවට සමාන ජනගහණය කට සෑහෙන පමණ Tamiflu  ගබඩා කල බවට ද වාර්තා පලවිය.

ශ්‍රිලංකාව  තුලද කුරුලු උන භීතිකාවක් big pharma  වෙනුවෙන් පෙනී සිටි  සෞඛ්‍ය හා පශු සෞඛ්‍ය නිලධාරීන් විසින් ඇති කල අතර. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  වසන්ගත වේදී අංශයේ ප්‍රධානාචාරිණිය විසින් පැවසුව පරිදි ශ්‍රී ලන්කාව විසින්ද කුරුලු උණට සාර්ථකව මුහුණ දීම සදහා රුපියල් මිලියන 70ක හැත්තෑවක වටිනාකමින් යුත් Tamiflu  ආනයන කර ගබඩා කර ඇති බවට එතුමිය ආඩම්බරයෙන් මෙම ලියුම්කරුද සහභාගි වූ රැස්වීමක දී දැන්වීය. එහෙත් ඒ වනවිටත් Tamiflu  කුරුලු උණට එරෙහිව ක්‍රියා නොකරන වැඩකට නැති බෙහෙතක් බව ඒ පිලිඹද වියට්නාම්  වයිද්‍ය වරයකුගේ පර්‍යේශන ප්‍රතිඵල ගැන අපේ වසන්ගත වේධිනියන් ඒ වන විටත් දැන සිටියේ නැත. ශ්‍රී ලන්කාව තුල වසන්ගතවේදයන් පිලිඹද වග කිවයුත්තන් අදටද එම නිලධාරින්ම වේ.  මෙම ඖෂධ පසුව කල් ඉකුත් වී විනාශ කරනලද බවට තොරරතුරු පැතිරින.

 

මේසා විශාල සමස්ත ලෝක ජනතාව හා පාලකයන් යන දෙකොට්ටාශයම සන්විදානාත්මකව බිය වද්දා කරන ලද ලෝක පරිමාණ මහා මංකොල්ලයට සහභාගී වූ කිසිවෙක් සදහා නීතිය ක්‍රියාත්මක වී නැති අතර කිසිම බටහිර මාධ්‍යයක් මගින් මෙම මංකොල්ලය හෙළිදරවි කරද නැත. මේ සෑම අවස්තාවේදීම ඔවුන් විසින් මෙම මහා මංකොල්ලයේ පන්ගු කරුවන් බවට පමනක් පත් වී ඇත.

නව කොරෝනා වයිරසය  පිලිඹදවද සූකර උන සදහා ක්‍රියා කල ආකාරයටම  ලෝක සෞඛ්‍ය  සංවිධානයේ වර්තමාන අධ්‍යක්ෂක  ජනරාල්වරයා ද ක්‍රියා කරමින් සිටින අතර සූකර උන සිද්ධිය ලෝක පරිමාණ වෙලද මංකොල්ලයක් අරභයා සන්විදානාත්මකව ක්‍රියා කලද, නව කොරෝනා  වයිරස සිද්ධියට වෙළද මංකොල්ලයට එහා ගිය චීනයට එරෙහිව සැලසුම් සහගතව සිදුකළ   selected ethnic cleansing biological warfare තත්වයට වර්ධනය  කල චීනයට එරෙහි සැලසුම්ගත ආර්ථික, සමාජීය හා දේශපාලනික යුද්ධයක් බවට සැක උපදවන බොහෝ කරුණු මේ වනවිට මතු වෙමින් පවතී.පසුගිය කාලය  තුල මේ හා සම්බන්ධව  බටහිර විසින් ඇතිකල ක්‍රියාකාරකම් හා ප්‍රවුර්ති  පිළිබද  සොයා බැලීමේ දී මෙය තව දුරත් තහවුරු වන්නේය.

චීන නිලධාරීන් මුලින් විශ්වාස කළේ මෙම වෛරසය වුහාන් හි හුනාන් සීෆුඩ් තොග වෙළඳපොළේ ඇති බවයි. නමුත් වඩා  නිවර්දි  අධ්‍යනයකින් පසු  පවසන්නේ ආසාදනයේ විවිධ ප්‍රභවයන් ඇති බවයි.  චීන පෙනහළු  රෝග විශේෂඥයෙකු වන වුහාන් ජිනින්තාන් රෝහලේ උප අධ්‍යක්ෂ හුවාං චාවොලින් විසින් පළමු නව කොරොනා වයිරස් රෝගීන් 41 දෙනාගේ සායනික දත්ත පිළිබඳ මුල් සොයාගැනීම් කිහිපයක් අනාවරණය කළේය.  ලැන්සෙට්  සඟරාවට  ඔහු කියා සිටියේ පළමු අවස්ථා පහෙන් හතරක් මුහුදු ආහාර වෙළඳපොළ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එවැනි නිරාවරණ 41 ක් අතුරින් 27 ක් පමණක් සම්බන්ධ බවත්ය.  “සමස්ත තත්වය දෙස බලන විට මුහුදු ආහාර වෙළඳපොළ එකම ප්‍රභවය නොවිය හැකිය.  කොරෝනා වයිරස් කතාවේ ආරම්භය බහු ප්‍රභවයක් විය හැකිය.

මේ දක්වා විශාල වශයෙන් රෝගය වැලඳී ඇත්තේ චීන ජාතිකයන්ට පමණක් වේ. ඒ හැරුනුකොට  කොකේසියානු ජාතිකයන් සහ අනෙකුත් ආසියානුවන් කිහිප දෙනෙකුටද වයිරසය  ආසාදනය වී ඇත.  මෙම වෛරසය හා ජයිව විද්‍යාත්මක  අවි පිළිබඳ ව වයිද්‍ය හුවාං චවොලින්ගේ තවදුරටත් කල පැහැදිලි කිරීම් වලට අනුව , ලෙනාඩ් හොරොවිට්ස් සහ සිග්මන්ට් ඩෙම්බෙක් විසින් කරන ලද ජීව විද්‍යාත්මක අවි පිළිබඳ නිබන්ධනයක් ගැනද කරුණු දැක්වීය.

එම නිබන්ධනයේ පැහැදිලි කිරීමට අනුව ජීව විද්‍යාත්මක අවියක  ස්වභාවය කරුණු හතරකින් විග්‍රහ කර ඇත.

  1. රෝගය සහ රෝග කාරකය විරල, අසාමාන්‍ය, දුර්ලභ හා අද්විතීය(unique) ලක්ෂණ පෙන්වන්නේය.
  2. රෝග ව්‍යාප්තිය ගැන පැහැදිලි අදහසක් ගැනීමට නොහැකි වීම(lack of epidemiological evidence).
  3. අසාමන්‍ය පැතිරීම් රටාව බොහෝ විට එක් ජාතියකට රෝගය දරුණු ලෙස බල පෑම. (Race-specificity).
  4. විවිධ මූලයන්ගෙන් රෝගය පැතිරීම හා මූලයන් සොයාගැනීමේ අපහසු බව. ( multiple source  of infection .)

 

නව කොරෝනා වයිරසය තුල මෙම සතර කරුණු ම අඩංගු වී ඇත.

ජීව විද්‍යාත්මක අවියක සැකය.

2019- මෙම කොරෝනා  ආසාදන රෝගයට වාර්ගික අවදානමට ලක්වන තවත් කාරණයක් තිබේ.  චීන වෛරස් විශේෂඥ  කණ්ඩායමක් විසින්  සොයාගත් නව කරුණුවලට අනුව සමහර චීන ජාතිකයින්ට ඔවුන්ගේ පෙණහළු වල විශේෂිත සෛල වර්ගයක් ඇති බවත්  ඒවා වෛරස් ප්‍රජනනය සහ සම්ප්‍රේෂණය නියාමනය කිරීමට සම්බන්ධ බවත්‍ ය .  ඔවුන්ට අනුව මෙම “2019- කොරොනා  වසංගතය ජීව විද්‍යාත්මක ප්‍රහාරයක පසුබිමක් මෙම වසන්ගත පැතිරීම  අධ්‍යනයේදී පැහැදිලිව පෙන්වන බව ප්‍රකාශ කර සිටියේ ය.

මීට වසර දෙකකට පමණ පෙර එක්සත් ජනපද ගුවන් හමුදාව ෆෙඩරල් ව්‍යාපාරික අවස්ථා වෙබ් අඩවියේ සැපයීම් ලැයිස්තුවක් තුල යුරෝපීය පරම්පරාවක රුසියානු ජනතාවගෙන් අවම වශයෙන් RNA සාම්පල 12 ක් ඉල්ලා සිටි අතර රුසියානු ශුශුම්ණා තරල සාම්පල 27 ක්ද  ඉල්ලා සිටියේ ය.  සියලුම සාම්පල “රුසියාවෙන් එකතු කර ගත යුතු අතර ඔවුන් කොකේසියානුවන් විය යුතුය. එක්සත් ජනපද  රජය යුක්‍රේනයෙන් ලබාගත් පටක සාම්පල සලකා බලන්නේ නැත. ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ හිටපු සාමාජික ඊගෝර් නිකුලිනගේ පැහැදිලි කිරීම් වලට අනුව වෛරස් වර්ධනය සඳහා RNA සාම්පල භාවිතා කළ හැකි බවයි.

“නව ජීව විද්‍යාත්මක ආයුධ නිපදවනු ලබන  හමුදා දෙපාර්තමේන්තුවකට එම විශයට අදාලව උනන්දුවක් හැර දැක්විය හැකි වෙනත් කිසිවක් නැත.  බොහෝ දුරට ඉඩ ඇත්තේ ඒවා ආයුධ සන්නද්ධ වෛරස නිපදවීම සදහා කල හැකි පර්‍යේෂණ පමනක් විය හැක.  එක්සත් ජනපදය මෙම ජාන සංචිතයේ නිශ්චිත වාහකයන් සඳහා විශේෂයෙන් විවිධ වර්ගයේ ජීව විද්‍යාත්මක ආයුධ නිපදවීමට උත්සාහ කරන අතර කොකේසොයිඩ් ජාන අවශ්‍ය වන්නේ ඒවා තම රටේ(එක්සත් ජනපද රාජ්‍ය)  ජනගහනයෙන් බහුතරයක් වන බැවිනි.  ඔවුන් සාම්පල සොයා ගැනීමට උත්සාහ කරන එකම නාභි ගත කණ්ඩායම පිරිසිදු කොකේසියානු  ජානවේ.  මන්ද යත් ජයිව විද්‍යාත්මක ප්‍රහාරක වෛරස දියුණු කිරීමේ දී එය වෙනත් ජනවාර්ගික කණ්ඩායමක් මත තෝරා බේරා ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ”

වෛරසය පැතිරීමට සති කිහිපයකට පෙර වුහාන් ලෝක හමුදා ක්‍රීඩා උළෙල පැවැත්වූ අතර විශාල විදේශීය කණ්ඩායමක් පැමිණ සිටියහ.  මෙම ක්‍රීඩා උළෙල සඳහා එක්සත් ජනපද හමුදා භටයන් 300 ක් වුහාන් වෙත පැමිණියේය. ක්‍රීඩ උළෙල නොවැම්බර් දක්වා පැවති අතර එය 2019කොරොනා ආසාදන ඇතිවීමට සුලු කළකට පෙර විය.  මේම සිද්ධීන්  දෙක අතර ඔප්පු කළ හැකි  සම්බන්ධයක් නැති උවද , සියල්ල එක්ව ගත්කල කොකොස් ජාන සහිත ඇමරිකානු ක්‍රීඩා සෙබළුන් හා චීනයට පැමිණි නව වයිරසය සමග සම්බන්දයක්  නැතිවාමද? ඔවුන් ගිය වහාම ආගන්තුක වයිරසයකින් වූහාන් නගරය වෙලා ගැනීම අහම්බයක් ද?

ජෝන් හොප්කින් මධ්‍යස්ථානය සහ බිල් ගේට්ගේ  වැට පැනීම.

2019 ඔක්තෝබර් මාසයේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එක්සත් රාජධානියේ පිර්බ්‍රයිට් ආයතනය සමඟ එක්ව සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වූ ජෝන්ස් හොප්කින්ස් මධ්‍යස්ථානය සමඟ වසංගත අභ්‍යාසයක් පවත්වන ලදී.  එය “Event 201” ලෙස නම් කරන ලද අතර එය වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා  වෛරසයක විනාශකාරී බලපෑමක දී ඇති කළ හැකි ව්‍යසනයක බලපෑම ගැන සොයා බලන අනුකරණ අභ්‍යාසයකි.  ඔවුන්ගේ මෙම අනුකරණ අභ්‍යාස  යේදී  කොරෝනා වයිරසයේ පැතිරීමේ  ප්‍රතිඵලයක්  ලෙස මාස 18 ක් තුළ මිලියන 65 ක ජනතාවක් මිය යන බවත් එය  ඉතිහාසයේ මාරාන්තික ම වසංගතය වන 1918  Spanish  flu උණ අභිබවා යන වසංගතයක් බවට ප්‍රකාශ කෙරිනි.

Event – 201  සංවිධායකයින්ට අනුව ඉහත සදහන්  ප්‍රතිවිපාක වළක්වා ගැනීමට හෝ ඒම ප්‍රති විපාක  දිග හැරෙන විට ඒවාට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට රජයන්, ජාත්‍යන්තර සංවිධාන සහ පෞද්ගලික අංශය අතර පෙර නොවූ විරූ සහයෝගීතාවයක් අවශ්‍ය බවත් , රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වඩා කිට්ටුව වැඩ කිරීම සදහා කටයුතු ලිහිල් කිරීම තුලින් එන්නත් නිශ්පාදනය, බෙදාහැරීම, ගබඩා ගත කිරීම යන කරුණු  කාර්‍යක්ශම කල හැකි බව සදහන් කර ඇත.

එයට අමතරව මෙවැනි වසන්ගත තත්වයක දී සිදුවිය හැකි සමාජ, ආර්ථික හා දේශපාලන කැලඹීම් ගැනද පුරෝකථනය  කර ඇති අතර චීනය තුල එම සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන් ඇතිවීම මොවුන් බලාපොරොත්තු වූ බවට චීනය තුල අද දවසේ ඇතිවී ඇති සිද්ධීන් විකුර්ති කොට පෙන්වන බටහිර මාධ්‍යවල හැසිරීම ෂාක්ශි දරණු ඇත.

මෙම pirbright ආයතනය ජයිව තාක්ශන අවි පර්යේෂණ කරණ ලෝකයේ අංක එකේ ආයතනයක් වේ. එමෙන්ම මෙම ආයතනය  ලෝකයේ අපකීර්තිමත් ආයතනයක් ලෙසට ප්‍රසිද්ධ ආයතනයකි. කොරෝනා වයිරස වර්ග පහකට පේටන්ට් අයිතිය ඇති ආයතනයක් වන මෙම ආයතනය ඉතා විනාශ කාරී මුක සහ කුර රෝග වයිරස සදහාද පේටන්ට්  ඇති ආයතනයකි. මෙම විනාශකාරී මුක සහ කුර රෝගී වයිරස එක්සත් රාජධානිය වෙත මුදාහැර කුඩා ප්‍රමාණයේ සියලු කිරි ගොවිපළ විනාශ කොට බහුජාතික මහා පරිමාණ ගොවි සමාගම් සදහා  එන්ගලන්ත වෙලදපොළ විවුර්ත කර දුන් බවට තදබල චෝදනා ලද ආයතනයකි. එමෙන්ම භයානක සීකා වයිරසය  සඳහාත් ඉන්ජිනේරුමය මදුරු ජාන සදහාද පේටන්ට් අයිතිය ඇති ප්‍රසිද්ධ ජාන තාක්ශනික අවි නිපදවීමේ පර්‍යේශන ආයතනයකි.

බිල් ගේට්ස් එක්සත් රාජධානියේ මේවැනි  ජෛව අවි  නිපදවන අවි විද්‍යාගාරයකට මුදල් සපයන්නේ මන්දැයි කල්පනා කලයුතුය.   අඩු මුදලකින් එන්නත් නිපදවා ලාබ ලැබීමෙ හැකියාවට අමතරව දේශපාලනික  හා ආර්ථික යුද්ධයක දී ජයිව තාක්ශනික අවියක ඇති භයානක කම සහ අඩු පිරි වැයකින් විශාල හානියක් කිරීමෙ ඇති හැකියාව මෙහිදී ප්‍රමුඛ  කොට ගනී.

මෙයට අමතරව ජනවාරි අග දී නෙට්ෆ්ලික්ස් විසින් ‘වසංගතය: පුපුරා යාම වළක්වා ගන්නේ කෙසේද’ නමින් නව වාර්තා චිත්‍රපටයක් නිකුත් කරන ලද අතර එය කොරොනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වනවාට සමගාමීව නිකුත් වීමත් සමඟ  එය අහම්බයක් නොවන බවට බොහෝ දෙනාගේ සැකය සහ බිය තවතවත් වැඩිවන්නට විය.

සමහරු මෙය විස්තීර්ණ ප්‍රචාරක උපක්‍රමයක් ලෙස බැහැර කළ නමුත් එහි අන්තර්ගතය ඉතා සවිස්තරාත්මක වන අතර එය  චීනයේ කොරෝනා  වයිරසයට සම්බන්ධ වීම හදිසි අනතුරකි.  මෙම මාලාව මගින් ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය සේවා පද්ධතිය විමර්ශනය කරයි, ලොව පුරා වසංගතයක් ඇතිවිය හැකි වෛරස් ප්‍රභවයන් පිළිබඳ ව සාකච්ඡා කරයි, එමෙන්ම එයට මුහුණ දීමට මානව වර්ගයාගේ හැකියාව විමසා බලයි.  වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය සඳහා යම් කාලයක් අවශ්‍ය බව සලකන විට, අන්තර්ජාලයේ සැරිසරණ බොහො පුද්ගලයන් හා කනස්සල්ලට පත්වන පුරවැසියන් චීන කොරෝනා වයිරස ආසාදනය නෙට්ෆ්ලික්ස් වෙත පූර්ව දැනුමක් සහිතව සිටියේ කෙසේදැයි ප්‍රශ්න කරයි.  මෙය “ඉන්ෆ්ලුවෙන්සා සහ ශ්වසන (කොරෝනා) වෛරස් වලට වඩාත් ම බිය වීමට මහජනතාව උනන්දු කරවන හා අනතුරු ඇඟවීමේ වාර්තා චිත්‍රපටයකි.  පුද්ගලික සමාගම් මගින් නිපදවන ( ලාභ සඳහා) එන්නත් ලෝකයේ ගැළවුම්කරුවා ලෙස පෙන්වමින් එය නරඹන්නන් ‘පුද්ගලික අංශය’ කෙරෙහි අවධානයට යොමු කරවයි. බටහිර මාධ්‍ය සහ අන්තර්ජාල පෝස්ටර් නිරන්තරයෙන් නව කොරෝනා  වයිරසය “වුහාන් ජෛව ආයුධ විද්‍යාගාරයෙන් කාන්දු වූ ”බවට පුවත් මවන්නේ එය හිතාමතාම කරන සැලසුම්ගත මාධ්‍ය විකුර්තියයි.

Wuhan විශ්ව විද්‍යාලයේ Wuhan Virology ආයතනය යනු එය ලොව ප්‍රමුඛතම ජෛව සුරක්‍ෂිත තා විද්‍යාගාර වලින් එකක් වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ එක්ව ලොව පුරා ව්‍යාධි ජනක රෝග අධ්‍යයනය කරන විශාල ජාලයක කොටසක් ලෙස ක්‍රියා කරණ ආයතනයකි.  එම ආයතනය ජෛව ආයුධ විද්‍යාගාරයක් බවට බොහෝ චෝදනා කළද, එම ප්‍රකාශණ ඒ සදහා කිසිදු සාක්ෂියක් නොමැතිව කරන ලද හිස් ප්‍රකාශකයන් වන්නේය.  සාමාන්‍යයෙන් මෙම ආයතනය  තනිකරම සිවිල් කටයුතු මෙහෙයුම්  පමනක් කරන ලෝකයට  ඉතා විවුර්ත පර්‍යේශන ආයතනයකි . එය කිසි විටෙක ජීව විද්‍යාත්මක මිලිටරි හෝ සටන් පර්යේෂණ සමඟ සම්බන්ධ වී නොමැත.

 

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More