විදේශ පුවත්

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව වයඹදිග තායිලන්තයේ පිහිටි කෝරාට් නම් සුපිරි වෙළෙඳසැල තුළ සිදුවූ වෙඩි තැබීමකින් අඩුම තරමින් පුද්ගලයන් 21 දෙනෙකුවත් මිය යන්නට ඇති බව පැවසේ.

ඊයේ(08) තායිලන්ත වේලාවෙන් සවස 3:00ට පමණ ආරම්භ වුනු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගිය බව වාර්තා වූ අතර තවත් 30දෙනෙකුට වඩා තුවාල ලබා ඇති බවද වාර්තා වේ.එරට වේලාවෙන් අද උදෑසන 7.00 වෙද්දීත් ඝාතකයා අත් අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අතර ඔහු සුපිරි වෙළෙඳසැල තුළ සැඟවී සිටින බවට එරට ආරක්ෂක අංශ සැක කරයි.

ඝාතකයා ජකාර්පන්ත් තොම්මා ලෙස තායිලන්ත ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර ඔහු තායිලන්ත හමුදාවේ කණිෂ්ඨ නිළධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි. ජකාර්පන්ත් තොම්මා සුපිරි වෙළෙඳ සැළ තුළ වෙඩි තැබීම් සිදු කිරීමට ප්‍රථම ඔහුගේ අණ දෙන නිළධාරියා සහ තවත් නිළධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ජකාර්පන්ත් තොම්මා දක්ෂ යුද භටයෙකු වන අතර ඔහු තායිලන්ත හමුදාවේ වෙඩි තැබීම් පුහුනු කරුවෙකු ලෙස සේවය කරමින් සිටියෙකු වන අතර විශේෂ බලකායේ ස්නයිපර් පුහුණුවද ලබා සිටින්නෙකි.තම ඉහල නිළධාරියා මරා දැමීමෙන් පසු ඔහු අවි ආයුද සොරාගෙන තායිලන්ත හමුදාව භාවිතා කරණ දුෂ්කර මාර්ග ඔස්සේ ධාවනය කළ හැකි හම්වී රථයක්ද පැහැරගෙන පලාගොස් ඇත.

සුපිරි වෙළෙඳ සැළ තුළ වෙඩි තැබීම් කර මනුෂ්‍ය ඝාතන කිරීමෙන් පසු ඒවා “ෆෙස් බුක්” වෙබ් අඩවිය තුළ ප්‍රචාරය කිරීමටද ඔහු කටයුතු කර තිබේ. පසුව ඔහුගේ “ෆේස් බුක්” පිටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

ඔහු සතුව HK 33 වර්ගයේ රයිෆල් තුනක් සහ ඒවාට යොදන ජීව උන්ඩ 736ක්,M60 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවි දෙකක් සහ ඒවාට යොදන උන්ඩ 100 බැගින් යුතු වට දෙකක් සහ හම්වී වර්ගයේ රථයක් තිබෙන බව එරට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More