විදේශ පුවත්

සිරියානු හමුදාව සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ස්ථානගතව සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ප්‍රහාරක මෙහෙයුම් තීව්‍ර කිරීමත් සමඟම සුපුරුදු පරිදි හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිතයා පවසා සිටී.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තය අශ්‍රිතව ක්‍රියාත්මක සිරියාවේ ප්‍රධානතම අල් කයිඩා ත්‍රස්තකන්ඩායම වන අල් නුස්‍රා ත්‍රස්ත කන්ඩායම ඉලක්ක කර සිරියානු හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ වහාම එක්සත් ජාතීන්ගේ අමෙරිකානු නියෝජිතයා “අසාධාරණ හමුදාමය පහර දීමක්” බව ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ අමෙරිකානු නියෝජිතයාගේ එම ප්‍රකාශයේ හඬ වියැකීයාමටත් පෙර ප්‍රංශය,බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව එක්ව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිත වස්ලි නෙබෙන්සියා ආරක්ෂක කවුන්සිලයේ හදිසි කැඳවීම උදෙසා උදෘත පාඨය ලෙස ගෙන තිබූ වැකිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ වොෂින්ටනය සිරියානු වැසියන් පහර කෑමට ලක්වන කිසිදු මොහොතක මෙවැනි හදිසි කැඳවීම් කිරීමට ඉල්ලා නැති බවත් සිරියානු හමුදා තම අනුලංඝනීය අයිතිය වූ තම මාතෘභූමිය ආරක්ෂා කිරීම උදෙසා ත්‍රස්තයන්ට පහර දෙන සෑම විටම ඉතාම කුහක හැසිරීමක් ප්‍රදර්ශනය කරන බවයි.

වොෂින්ටනයේ හැසිරීම සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් වස්ලි නෙබෙන්සියා මහතා ප්‍රකාශ කර සිටියේ” සිරියානු හමුදා අල් කයිඩා ත්‍රස්තයන් සාර්ථකව මෙල්ල කරමින් යන විට අමෙරිකාව අල් ක්යිඩා ත්‍රස්තයන්ට අලුත් මුහුණක් පැළඳවීමට උත්සහා කරමින්, “මධ්‍යස්ත කැරලිකරුවෝ” ,”නීත්‍යානුකූල විරුද්ධ පක්ෂය” වැනි නම් අල් කයිඩා ම්ලේච්චයන්ට පට බඳිමින් සිටිනවා” යනුවෙනි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More