පුරවැසි කොලම

මාර්කටිං හැකියාව හඳුන්වාදීමේදී කියනා ප්‍රසිද්ධ කියමනක් ඇත.

ඒ මාර්කටිං යනු කාන්තාරයේ සිටින කෙනෙකුට වතුර විකිනීම නොව, ඇන්ටාටිකාවේ කෙනෙකුට ශීතකරන විකිනීම කියාය.

දේශපාලන සංවිධායකයා ගැන කීමට ඇත්තේ ද එයමය. අතිශූර දේශපාලන සංවිධායකයෙකු වන්නේ ජනතා රැල්ල ඇති විට ජයග්‍රහන ගෙනෙන කෙනා නොව ජනතා රැල්ලක් නැති විට හෝ එය අගාධයට යන විට පක්ෂය සංවිධානය කර ජයග්‍රහනය කරවන පුද්ගලයාටය.

2005 චන්ද්‍රිකා තම ප්‍රධාන පක්ෂ කාර්‍යාලය පවා අගුලු දා තිබියදී මහින්දව ජනපති කිරීමට වෙහෙසුනේ ජනතාන් විමුක්ති පෙරමුණ (එකල ජාතිකවාදී) හා ජාතික හෙළ උරුමයයි ( එකල ජාතිකවාදී).

2010 ජනාධිපතිවරනය යුධ ජයග්‍රහනත් සමගම පැවතුනු ජනාධිපතිවරනය වන අතර මිනිස්සු තම යුතුකමේ මනාපය ඉටුකරන ලදී. එය ඉතා පහසු මැතිවරණයකි. ලක්ෂ 18 කින් මහින්ද රාජපක්ෂ දෙවෙනි වරට ජයග්‍රහනය කරන ලදී

2010 දී ඔහුට ආර්ථික සංවර්ධන ඇමති කම ලැබුනු අතර ප්‍රාදේශීය සංවර්ධනය සඳහා මුදල් ගලාගියේ ඔහු හරහා වන බැවින් සියලුම ප්‍රාදේශීය දේශපාලනඥයින් ඔහුට බය පක්ෂපාත විය. බැසිල් වටා වූ මේ එකතුවීම සඳහා මගපෑදුනේ එලෙසය. එය සංවිධාන හැකියාවක් ලෙස කවුරුන් හෝ නම් කරන්නේනම් එය විහිලුවකි. 2014 අග වන විට රැල්ල දැඩිව අනෙක් පසට හැරෙමින් තිබුනි.

2010 – 2015 ඡන්ද අතර පරතය ලක්ෂ 21 කට ආසන්නය. විපක්ෂ මුසා දොඩමින් ලක්ෂ 21ක් ඡන්ද කනපිට ගසනතෙක් අතිශූර සංවිධායකයා කලේ කුමක් දැයි මා දන්නේ නැත.

එය එසේ තිබියදී 2015 ජනවාරි 11 මහින්දගේ පරාජයෙන් දෙදිනකට පසුව බැසිල් රාජපක්ෂ විදේශ ගතවිය. එදින පාඨලි තම ෆේස්බුක් පේජයේ දමා තිබුනේ යහපාලන යහපාලන ආංඩුවේ අවසර සහිතව ඔහු රටින් ගිය බවකි.
අතිශූර සංවිධායකයෙකුගේ කාර්‍යභාරය එයද? බුකියේ බැසිල්ගේ කහින්නා වන මහින්ද පතිරණ පවසන පරිදි ඔහු විවේකයකට ඇමෙරිකාවට ගොස් ඇත, සංවිධායකයෙකු විවේක නොගත යුත්තේ මෙවන් අවස්ථාවකදීය !

කෙසේ හෝ වේවා බැසිල් , මහින්ද සුළඟින් ඒකාබද්ධය ස්ථායී වීමෙන් පසුව ලංකාවට පැමිනෙන ලදී.

2015 අගෝස්තු 17 මැතිවරනයේදී සිරිසේන හා එක්ව තරඟ කිරීමට නලින්ද සිල්වා, විමල් වැන්නවුන් මතවාදීව අදහස් ඉදිරිපත් කරද්දී බැසිල් ඊට උඩින් ගොස් සිරිසේන හා “මගුල් කෑමක” නිරත වීමෙන් අවුරුදු 3 කට වැඩි කාලයක් ආන්ඩු විපක්ෂ ගන්ධබ්බ කාලයක වසන්නට ඒකාබද්ධයට සිදු විය.

ඉන්පසු 2018 ඔක්තෝබර් දේශපාලන පෙරලිය සංවිධායකයෙකු ලෙස බැසිල්ට ලැබුනු මීලඟ අවස්ථාවයි. එම අවස්ථාව දින 52 ඇතුලත පෙරලී ගියා අපට මතකය .
එය පෙරලී ගියාද පෙරලීයාමට ඉඩ හැරියාද යන්න අප පසුව බලමු. කෙසේ හෝ ඒ අතිශූර සංවිධායකයා ඒ අවස්ථාව කලමනාකරනය කලේද නැත.

2019 ජනාධිපතිවරනයට ගලපෙන සෑම වටපිටාවක්ම 2015 මැද වනවිට කඳවුරු බැඳ තිබුනේය. වැල යන අතට මැස්ස ගසනවා හැර වෙන දෙයක් කිරීමට නොවීය. කල යුතු විශේෂ දේවල් ඉටු කරන ලද්දේ එකබද්ධයේ සමහරක් අතින් පමනකි

තමා සතුව තිබූ ආර්ථික සංවර්ධන අමාත්‍යධූරට පින්සිදුවන්නට රොක් වුනු ප්‍රාදේශීය දේශපාලනඥයින් නිසා කෙනෙක් බැසිල් අතිශූර සංවිධායකයෙක් යැයි සිතනවානම් ඔවුන් තමාගැනම වොරී විය යුතුය.

අඩු තරමින් දැන්වත් ජාතිකත්ව ජනවරමට අනුව ක්‍රියාත්මක නොවී ඊනියා අතිශූර
සංවිධායකයා 2010 -2014 රිපීට් කරන්නට සැරසුනහොත් 2015 රස බැලූ කටුක පරාජයන් නැවත අත්විඳීමට කොයි කාටත් සිදු වනු නොඅනුමානය

පලි – බැසිල් දේශපාලනය කිරීම ගැන මට අවුලක් නැත. බැසිල් දේශපාලනයේදී තීරන ගැනීම ගැනීම මට ලොකු අවුලකි. එම නිසා ඒ මතය වෙනුවෙන් මා පෙනී සිටිමි. And specially බැසිල් ට යූඇම්පි කාරයින් කරන දූශන චෝදනා පිලිගන්නා තැනක ජාතිකවාදීන් නොසිටින බවද හිතවත් යූඇම්පී පාක්සිකයින්ට දන්වනු කැමැත්තෙමි.

l ඉසුරු රන්දෙනි කුමාර

(පති බැසිල් සාහිත්‍යට එකතු කල විශේෂණ පද කීපයක්. – යෝධ බැසිල්, විසල් බැසිල් , අපරාජිත බැසිල් , තිරය පිටුපස මිනිසා , මහා නියමුවාණන්,
Medhananda Himi



One thought on “බැසිල් රාජපක්ෂ කියනාතරම් “අතිශූර” සංවිධායකයෙක් ද?”

  1. නලින් ද සිල්වා මහතා 2015 අගෝස්තු මැතිවරණයේදී සිරිසේන හා එක්ව තරග ‌‌ෙනොකල යුතුය යන දැඩි ස්ථාවරයක සිටියේය. ඒ් පිළිබඳව පහත සබැඳියෙන් ‌ෙතේරුම් ගත හැක.
    http://www1.kalaya.org/2015/07/blog-post_6.html#more

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More