ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇතිකිරීමට ඉඩ ඇතිබව හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.
කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ යෝජනා ඉදිරිපත් කළද, ඊට ඇහුම්කන් දීම මිස එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි .
රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ,කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
උතුරු කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් පහක්(5) සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විනි.
රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩා උපකරණ තොගය බෙදා හරිනු ලැබීය.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා.
“” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් අපට ලැබෙන්න තියෙන දේ ලැබිල තිබෙන්නේ.
දැන් ඒ අයගෙ කාලය ඉකුත් වෙලා තියෙන්නෙ. මේ අවස්තාවේ දී IMF එකෙන් අවශ්‍ය දේ අපි කරගෙන තියෙන නිසා, ඒ අය කියන දේවල් අපි කරන්න අවශ්‍ය නැහැ. IMF තමා සමහර අවස්ථා වලදී රජයත් ජනවත් අතර ගැටලු ඇති කරන්නෙ. ඔවුන් අනවශ්‍ය යෝජනා ගෙනවිත්,ජනතාව කෙරෙහි රජය ද්‍රෝහි ලෙස කටයුතු කරන බවට වෛරක් නිර්මාණය කරන්නෙ. මම හිතන්නෙ IMF එක අපේ රට තුළ සිය කාර්ය අවසන් නිසා ඒ අයට දැන් යන්න පුළුවන්. අපට අවශ්‍ය ඔය සුද්දන් ගෙ න්‍යාය පත්‍ර වලට වැඩ කරන එක නෙමේ.
රටට අවශ්‍ය විදිහට හිතන්න පුළුවන්, ජනතාවට පිළිගන්න පුළුවන් ආකාරයෙන් කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ.IMF එක යෝජනා කළ එකක් තමා නිවාස අලෙවි කරන අවස්ථාවේ 15% VAT බද්ධ ක් පනවපු එක. මේක අනවශ්‍ය බද්ධ ක්. මේකෙන් කිසිම ආදායමක් ලැබෙන්නෙ නැහැ. නමුත් තවත් කර්මාන්තයක් බිඳ වැටෙන එක විතරයි වෙන්නේ. මම මුදල් ඇමැති කාලෙ පොරොන්දු වුනා, වසර දෙකකට පසුව VAT බද්ධ 9% දක්වා අඩුකරන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ.මොකද මම එහෙම පොරොන්දුවක් දුන්නේ කිසියම් අරමුණකින් කටයුතු කළ නිසා. මම රාජ්‍ය ආදායම වැඩි කරගන්නා සැලසුම් ක්‍රියාත්මක කළා, ඒඅනුව 2015/2016/2017 මුල් මාස හය තුල විශාල ප්‍රගතියක් ලැබුව. දැන් එහෙම ආදායම් ලැබෙන තත්ත්වයක් පෙනෙන්නේ නැහැ.මම මුදල් ඇමැති කාලේ රාජ්‍ය ආදායම 25-30% කින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ. අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිල. මොකද ජනතාව සූරා පානය නොකර හිටියා ද ?
කොහාට ද මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ. මේව ගැන තමා අපි හොයන්න ඕනෑ. අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුනොත් නැවත ජනතාව මත බදු පැටවීම ක් වෙන්න පුලුවන්.
මම මුදල් ඇමැති කාලේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුව ට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගනන් ගත්තෙ නැහැ.අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය ට ඒක බල පෑව විතරක් නොවේ ,ස්වයං රැකියා කරන පිරිසට හා කුඩා,සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ගැටලු ඇති කළා.
මේ රජය ජනතාව ගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිඳු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමඟ රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්”””
යැයිද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More