පුරවැසි කොලම

විශේෂයෙන්ම කළ යුතු කාරණය තමයි දෙමළ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් සහ දෙමළ ජනතාව එම ආණ්ඩුවේ කටයුතුවලට දැක්වූ අනුකූලතාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පාඩමක් ඉගෙන ගැනීමට පුළුවන්. එතුමිය ගෙනගිය ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සමෘද්ධිමත් ජනතාවක් උතුරේ ඇතිවුණා. මැතිනිය උතුරට ගියාම එම ජනතාව පිළිගත්තේ රතු ලූණු මල්මාලා දාලා. 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පොන්නම්බලන්ට වඩා ඡුන්දය ගත්තා. උතුර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වනවා.

ප‍්‍රශ්නය- නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතු ද නැද්ද යන කාරණය පිළිබඳව සංවාදයක් පැවතියා. අවසානයේ දී ආණ්ඩුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් පමණක් ගායනා කළා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

පිළිතුර- එම තීරණය ආණ්ඩුව ගත්ත ඥානවන්ත තීරණයක්. එය අනාගතය දෙස බලා ගත්ත තීරණයක් ලෙස තමයි මම දකින්නේ. මොකද ආණ්ඩුව දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ගේ කීම අහලා ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කළා නම් එය විශාල ජයග‍්‍රහණයක් වෙනවා දෙමළ ජාතිවාදීන්ට. ඒ තුළින් ඔවුන්ට පුළුවන් වනවා දෙමළ ජනතාවට කියන්න අපිට තවමත් ආණ්ඩුව නටවන්න පුළුවන් කියන එක කියන්න. දැන් අසරණ දෙමළ මිනිසුන්ට පැහැදිලි වෙනවා තවදුරටත් ඔවුන්ට ආණ්ඩුව නටවන්න බැහැ කියන එක. ඒක ඉතාමත් වැදගත් දෙයක්.

ඇත්ත සංහිඳියාවක් අපත්, දෙමළ ජනතාවත් අතර ඇතිකර ගැනීමට අවශ්‍ය නම් අත්‍යාවශයෙන්ම අවශ්‍ය කාරණය තමයි දෙමළ ජනතාව දෙමළ ජාතිවාදීන්ගේ ග‍්‍රහණයෙන් ඇත්කිරිම. එසේ නොමැතිව කවදාවත් සංහිඳියාවක් ඇතිකර ගැනීමට බැහැ. මොකද දෙමළ ජාතිවාදීන්ගේ අපේක්ෂාව වන්නේ දෙමළ ජනතාව තවදුරටත් යටත් කරගෙන ඔවුන්ගේ බලපරාක‍්‍රමය ආරක්ෂාකර ගැනීම. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය සංහිඳියාවක් නෑ. එම නිසා අපගේ උපක‍්‍රමය විය යුත්තේ දෙමළ ජනතාව දෙමළ ජනතාවගෙන් ඇත්කිරීම. මෙවර නිදහස් උළෙලේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් පමණක් ගායනා කිරීම මගින් ඒ සඳහා විශාල සේවයක්වූ බව මම විශ්වාස කරනවා. ඒ වගේම එම තීරණය දෙමළ ජාතිවාදීන්ගේ බලය බිඳීමක් ලෙස තමයි මම දකින්නේ.

ප‍්‍රශ්නය- ඔබ එසේ සඳහන් කළත් පසුගිය 04 වැනි දින සමහර රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් විසින් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර- රාජ්‍ය උත්සවවල දී ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළ යුතුයි. එම කාරණය ඉෂ්ඨ වී තිබෙනවා. එන්ජී ඕකාරයන්ට ඩොලර් දෙන්නේ මොකටද? රට බෙදන්න. ඒ සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අවශ්‍යයි. ඒ සඳහා තමයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ.

ප‍්‍රශ්නය- නිදහස් දිනය යෙදී තිබුණු පෙබරවාරි 04 වැනි දින යාපනය විශ්වවිiාලයේ කළු කොඩි දමා විරෝධය දක්වා තිබෙනවා. එම තීරණය ඔබ දකින්නේ කෙසේද ?

පිළිතුර- ඒ අයට ඕන විධියට නටන්න දීල හරියන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ ගතයුතුයි. මේ විධියට කටයුතු කරන්න බැරිනම් කරන්න තියෙන්නේ විශ්වවිiාලය වහලා දාන එක. විශ්වවිiාලය තුළ නීතිය කි‍්‍රයාත්මක කිරීමට බැරි නම් ස්වයං පාලනයක් කි‍්‍රයාත්මක කිරීමට යනවා නම් වෙන කරන්න දෙයක් නෑ.

මේ ආණ්ඩුව අවබෝධ කරගතයුතු ප‍්‍රධාන කාරණය තමයි, ජාතිවාදීන් තෘප්තිමත් කරල ආණ්ඩුව කරගෙන යන්නත් බෑ, සංහිඳියාව ඇතිකරන්නත් බෑ, කියන එක. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි පියවර ගත් ආකාරයට මොවුන්ට එරෙහිවත් දැඩි පියවර ගත යුතුයි.

ප‍්‍රශ්නය- දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කර තිබෙනවා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකළ නිසා නිදහස් උත්සවයට සහභාගි නොවූ බව. සම්බන්ධන් මහතාගේ වර්ජනය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර- ආණ්ඩුව කටයුතු කළ යුත්තේ ඔවුන් සතුටු කිරීමට නෙවෙයි. ඒ වගේම එය කළ නොහැකි කටයුත්තක්. ආණ්ඩුව කටයුතු කළ යුත්තේ හඬක් නොමැති ජනතාව සම්බන්ධන්ලාගෙන් මුදාගැනීම සඳහායි.

ප‍්‍රශ්නය- අප ඉංගී‍්‍රසින්ගෙන් නිදහස් වෙලා වසර 72 ක් සම්පූර්ණ වුණා. එම නිදහස ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර- අවංකවම කල්පනා කරනවා නම්, අපි මේ දක්වා ආර්ථික වශයෙන් නම් නිදහස ලබා නෑ. අපගේ අපනයන වලින් 50% ක් යවන්නේ බටහිරට. ඒ මදිවට අපි බටහිර සංචාරකයන් වගේම බටහිර ආයෝජන මතත් යැපෙනවා. අපේ ආර්ථිකය බටහිර සමග

ගැටගසා තිබෙන නිසා තමයි ඔවුන් අපට විවිධ යෝජනා සහ චෝදනා කරන්නෙ. ඒ වගේම අණසක පතුරවන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය එම තත්වය අවබෝධ කරගෙන වහාම බටහිරට බැඳුණු ආර්ථිකය වෙනුවට ජාතික ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. රටක ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක සාධකයක් තමයි ආහාර සුරක්ෂිතතාවය කියන එක. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා එම තත්වය අවබෝධ කරගෙන මේ රටේ කෘෂිආර්ථිකය නංවාලීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එය හදිසියෙන් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා පළමුවෙන් ගතයුතු පියවර තිබෙනවා. එම පියවරවල් ගැනීමෙන් තමයි අපිට ආර්ථික නිදහස දිනාගැනීමට හැකිවන්නේ. එම ආර්ථික නිදහස දිනා ගැනීම අද වනවිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා.

ප‍්‍රශ්නය- දෙමළ සංධානය ප‍්‍රකාශ කර තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන බව.

පිළිතුර- මොනවද සාකච්ඡුා කිරීමට තිබෙන්නේ. දෙමළ ඊළම ඉල්ලන්නද? කියන්න ඕන දේවල් ජනාධිපතිතුමා කියලා තිබෙනවානේ. ඇත්ත වශයෙන්ම අප කළ යුත්තේ ඔවුන්ගේ බලය බිඳින එක. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීමෙන් එම කාරණය යම් ප‍්‍රමාණයකට ඉෂ්ට වී තිබෙනවා. විශේෂයෙන්ම කළ යුතු කාරණය තමයි දෙමළ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් සහ දෙමළ ජනතාව එම ආණ්ඩුවේ කටයුතුවලට දැක්වූ අනුකූලතාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පාඩමක් ඉගෙන ගැනීමට පුළුවන්. එතුමිය ගෙනගිය ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සමෘද්ධිමත් ජනතාවක් උතුරේ ඇතිවුණා. මැතිනිය උතුරට ගියාම එම ජනතාව පිළිගත්තේ රතු ලූණු මල්මාලා දාලා. 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පොන්නම්බලන්ට වඩා ඡුන්දය ගත්තා. උතුර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වනවා.

ප‍්‍රශ්නය- දෙමළ සංධානයේ නායකයකු ප‍්‍රකාශ කර තිබෙනවා, ගෝඨාභය මහතා ඉන්දියාවේ දී 13 වන සංශෝධනය ඇසුරෙන් විසඳුමක් සොයන බව ප‍්‍රකාශ කර ඇති බව.

පිළිතුර- අපි ඉන්දියාව නිවැරදිව අවබෝධ කරගත යුතුයි. ඉන්දියාව කවදත් ඊළමක් හෝ පෙඩරල් රාජ්‍යයක් හදන්න ඉඩදෙන්නේ නෑ. අපි ඒ බව වටහාගෙන කෙලින් සිටිය යුතුයි. ඉන්දියාව ඔයවගේ කතා කියන්නේ තමිල්නාඩුවේ ඡුන්ද ටික ලබාගැනීම සඳහා. එම නිසා අපි කෙලින් සිටියොත් ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කරගන්න පුළුවන්.

72 වන නිිදහස් උළෙලේ දී ආණ්ඩුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම මෙන්ම අප භුක්තිවිඳින නිදහස පිළිබඳව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගෙන් විමසා සිටි අතර, අමරසේකර මහතා ඒ පිළිබඳව පළ කළ අදහස් පහත පරිදි වේ.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජිනපි‍්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More