ප‍්‍රධාන පුවත්

ලෝකයට චීනයේ සිට කඩා වැදුනු 2019 nCov කොරෝනා වෛරසයට අමතරව සව්දි අරාබියෙන් තවත් භයානක කුකුලන් ආශ්‍රිතව පැතිරෙන H5N8 නම් වෛරස් වසංගතයක් හට ගෙන ඇති බව ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවසා සිටී.

සෞදි අරාබියේ රියාද් අගනුවරට කිලෝමීටර 150ක් උතුරු දෙසින් පිහිටි මධ්‍යම සෞදිර් ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලවල් ආශ්‍රිතව මෙම රෝගය පැතිරයන බව වාර්තාවේ.මෙම රෝගය නිසා සෞදි අරාබියේ කුකුලන් 22000ක් පමණ මියගොස් සිටින බවත් පූර්ව ආරක්ෂාව පිණිස තවත් කුකුලන් 385000ක් පමණ මරාදමා ඇති බවත් සෞදි කෘෂිකර්ම අමාත්‍යාංශය උපුටා දක්වන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවසා සිටී.

2018 වර්ෂයෙන් පසුව මෙවැනි තත්වයක් පැන නැගුනු පළමු අවස්ථාව බව මැදපෙරදිග මාධ්‍ය වාර්තා පවසයි. වෛරසය පැතිරුනු මුල් අවදිය තුළ වෛරසය මිනිසුන්ට ආසාදනය නොවන බව පැවසුනද පසුව කරනු ලැබූ පර්යේෂන වලදී තහවුරු වූයේ වෛරසය මිනිසාටද හානිකර බවයි.

මේ අතර ඊයේ වියට්නාමයෙන් නිකුත්වූ වාර්තාවකට අනුව පැවසුනේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගම්මානයක් ආශ්‍රිතව පැන නැගුනු H5N6 වෛරසය ආශ්‍රිතව කුකුලන් 2200ක් මියගොස් ඇති බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More