විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ මැදපෙරදිග නව සාම සැළසුම කෙතරම් දුරට සාර්ථකවේ දැයි සැක සහිත බව මොස්කව් පාලනය පවසා සිටී. එයට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඉදිරිපත් කළ මැදපෙරදිග පලස්තීන ඊශ්‍රායාලය ආශ්‍රිත යෝජනා වලට සම්පූරණයෙන්ම පටහැනි වීම නිසාත් අරාබි ලෝකය ට්‍රම්ප්ගේ යෝජනා සමඟ එකඟ නොවීම නිසාත් බවයි.

ට්‍රම්ප්ගේ “පලස්තීන ඊශ්‍රායල ගැටුම නිරාකරනය කිරීමේ යෝජනා” සම්බන්ධව ප්‍රථම වරට අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශයෙකු වන දිමිත්‍රි පෙස්කොව් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ(2) රුසියාවේ රොසියා 1 රූපවාහිනී චැනලයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ” ඉතාම පැහැදිලියි ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාවේ ඇති සමහර ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මතවූ යෝජනා වලට සම්පූර්ණයෙන්ම පටහැනියි.” යනුවෙනුයි.

” යෝජනාවලිය සම්බන්ධයෙන් පලස්තීනයේ ආකල්පය අප දුටුවා, පලස්තීනයට සහයෝගය දක්වන අනෙකුත් අරාබි ජාතින්ගේ ප්‍රතිචාරය අප දුටුවා” යැයි පෙස්කොව් මහතා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More