විදේශ පුවත්

චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ වලින් බහුතරය වන 294දෙනකු වෛරසය ඇතිවූ හුබෙයි පළාතෙන් වාර්තා වේ.

බලධරීන් පවසන්නේ සති අන්තයේදී හුබෙයි පළාතෙන් 45දෙනකුගේ මරණ වාර්තා වූ අතර නව ආසාදිතයන් 2, 590ක් වාර්තා වූ බවයි.

ඒ අනුව චීනයේ සම්පූර්ණ ආසාධිතයන් සංඛ්‍යාව 14 380 ඉක්මවා ඇති බව සඳහන් වේ.

හුබෙයිහි පළාත් සෞඛ්‍ය කොමිෂන් සභාව පවසන්නේ සංඛ්‍යාලේඛනවල දෛනික යාවත්කාලීන කිරිම් වලට අනුව තහවුරු කළ ආසාදිතයන්ගේ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

චීනයෙන් පිටත ලෝකයේ රටවල් 20ක රෝගීන් 100ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇත.

ලොව පුරා කෙරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 2003 දී වාර්තා වූ සාර්ස් වසංගතය ඉකිමවා ගියද නව වෛරසයේ මරණ අනුපාතය සාර්ස් වලට වඩා බෙහෙවින් අඩු බව පර්යේෂකයෝ පවසති.

(බීබීසී ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More