ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටින චීනයට H5N1 කුරුලු උන වෛරසයෙන්ද පීඩා විඳීමට සිදුවී ඇති බව වාර්තා වේ. චීන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය  කරන ආකාරයට චීනයේ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන හුවාන් ප්‍රාන්තයේ ෂාවෝයැන්ග් නගරය ආශ්‍රිතව ඇති කුකුලු ගොවිපළ වල මෙම වෛරස ආසාදිත සතුන් දක්නට ලැබෙන බව පැවසේ.

පළාතේ ඇති කුකුලු ගොවිපළවල් 4500ක් ආශ්‍රිතව කුකුලන් 7850කට මෙම රෝගය වැලඳී ඇති බව චීන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. තවද පලාතේ පලාත්පාලන ආයාතන ප්‍රකාශ කරන ආකාරයට වෛරසය ආසාදනයට ලක්වී ඇතැයි සැක කරන කුකුලන් 20000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මරා දමා ඇත.

H5N1 වෛරසය කුරුල්ලන් ආශ්‍රිතව පැතීරියන කුරුල්ලන්ට තදබල ලෙස ස්වසන ආබාධ ඇතිකරන රෝගයක් වන අතර එම රෝගය කුරුල්ලන් ස්පර්ශයෙන් මිනිසූන්ට වේගයෙන් බෝවේ. 1990 දශකයේ අග භාගයේදී හොංකොං දිවයින ආශ්‍රිතව මුල්වරට මෙම වෛරසය පැතිරීමේ සිට මේ දක්වා මිනිසුන් 350ක් පමණ මියගොස් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

චීනයේ වුහාන් ප්‍රාන්තය ආශ්‍රිතව වර්තමානයේ පැතීරීයන 2019 nCoVකොරෝනා වෛරසය හා සැසඳීමේදී H5N1 වෛරසය අතිශය භයානක වෛරසයක් වන අතර රෝගය වැළඳුනු රෝගීන්ගෙන් 60% ක්ම මියගොස් ඇති බව වාර්තාවේ. නමුත් 2019 nCoV කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ප්‍රතිශතය 2% ක් බව මේ දක්වා ඇති වාර්තා වලින් තහවුරු වී ඇත.

2019 nCoV) කොරෝනා වෛරසය චීනයේ සෑම පලාතකම පැතිරී ඇති අතර ලෝකයේ තවත් රටවල් 25කට වඩා වැඩි ගනනකින් රෝගීන් වාර්තා වී ඇති බව පැවසේ. නමුත් චීනයෙන් පිට කිසිදු රටකින් මෙතෙක් 2019 nCoV කොරෝනා වෛරසයෙන් රෝගීන් මියගිය බව වාර්තා වී නැත.චීනයේ මේ දක්වා රෝගීන් 12000ක් පමණ හමුවී ඇති අතර 250ක් දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්වී ඇත.

2019 nCoV කොරෝනා වෛරසය හේතුවෙන් මානව ජීවිත හානියට අමතරව චීන ආර්ථිකයට ඩොලර් බිලියන 60ක පාඩුවක් සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව චීන බලධාරීන් පවසයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More