ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අමාත්‍යධුර සංශෝධනය සිදුකරන දිනය මේ දක්වා ප්‍රකාශ වී නොමැති බවත් එවැනි සංශෝධනයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එම සංශෝධනය ගැන අවසන් තීන්දුව ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බවත් එම සංශෝධනය ගැන ජනාධිපතිතුමා මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර නීතිය හා සාමය අමාත්‍යංශය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින්නේ තාවකාලිකව බවත් ඒගැන ජනාදිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාකර සුදුසු කෙනෙකුට එම අමාත්‍යධුරය ලබාදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය හොඳින් ගැලපෙන බවත් ෆොන්සේකා මහතාට එම අමාත්‍යධුරය ලබාදෙනවාට ශ්‍රී ලංකා නිදහස් පක්සයේ විරෝධතාවක් නොමැති බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් අමාත්‍යවරුන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ඔවුන්ගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සථාවරය නොවන බවත් 2020 වසර දක්වා වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටතත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...