දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය දේශපාලන කුණාටුවක් බවට පෙරලී ඇති බවත් ඒ හරහා ශ්‍රීලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රිලනිපහි නායකත්වය ගැටලු රාශියකට මුහුණ දී ඇති බව චීනයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ‘newsin.asia’ වාර්තා කොට ඇත.

මෙම ආණ්ඩුව ඊලඟ මහ මැතිවරණය වන 2020 අගෝස්තු දක්වා රජය පවත්වාගෙන යෑමේ අභියෝගයට ජනාධිපති සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මුහුණ දී ඇති බවත් එහි සදහන්ය.

අද ශ්‍රීලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් විශේෂ විශ්ලේෂණයක් සිදු කොට සියලු කරුණු ගෙන හැර දක්වා ඇත.

මෙම දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පසුගිය මැතිවරණයේ පොහොට්ටුව ලැබු අති විශිෂ්ට ජයග්‍රහණය නිසා බවද වාර්තාවේ දැක්වෙයි.

මේ නිසා ප්‍රධාන පක්ෂ දෙක තුල අභ්‍යන්තරයේ විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත් එවා විසදාගෙන ඉදිරි මහා මැතිවරණයක් දක්වා ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇති බවත් ඒ නිසාම රටේ විශාල අර්බූදයන් බෙහෙවින් ඉදිරීයේදි හට ගැනීමට ඉඩ කඩ වැඩි බව වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More