විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මැදපෙරදිග කලාපය සඳහා වන සාම සැලසුම එළි දක්වා ඇත. මෙය දිගු කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි දෙයකි.

ට්‍රම්ගේ ​ සාම සැලසුම මගින් යෝජනා කර ඇත්තේ පලස්තීනය ස්වාධීන ප්‍රාන්තයක් බවට පත් කිරීමය. එයට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා ඇත්තේ මෙම සාම සැලසුම කුම්න්ත්‍රණයක් බවය.

එයට සිය විරෝධය පළ කරන බව ඔහු පවසා තිබේ.සැලසුමෙහි සඳහන් විශේෂ කරුණක් වන්නේ ජෙරුසලම නගරය ඊශ්‍රාලයෙන් නොබෙදුණු අගනගරය බවට පත් කිරීමට එමගින් ප්‍රතිඥා දී තිබීමය.

බටහිර ඉවුරේ ජනාවාස ඊශ්‍රායලයේ ස්වාධීපත්‍යයට යටත් බවට ඇමරිකාව පිළිගන්නා බව සඳහන් වීමද මෙහි ඇති තවත් විශේෂ කාරණයකි. මෙම සාම සැලසුම එළිදක්වනු ලැබුයේ ධවල මන්දිරයේය. එම අවස්ථාවට ඊශ්‍රාලය අගමැති බෙන්ජමින් නෙතන්යාහුද එක්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More