ප‍්‍රධාන පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති එරට කැඩෙට් බලකායේ උත්සවයක් අතර තුර ඉන්දියාවට පකිස්ථානය දූවිල්ලක් බවට පත් කිරීමට අවශ්‍යය වන්නේ දින දහයක් යැයි කළ ප්‍රකාශයට පකිස්ථානය දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ.ඉන්දියාව පකිස්ථානයේ යුද බලය අවතක්සේරු කිරිමේ වරද නොකරන ලෙසත් පසුගිය වර්ෂයේ කාශ්මීර් ගුවනේ ඇතිවූ සටනින් ඉන්දියාවට අත්වූ පරාජය සිහියට නගා ගන්නා ලෙසත් පකිස්ථානය පවසා සිටී.

ඊයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් පකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අයිෂා ෆාරුකී මහත්මිය වැඩිදුරටත් අදහස් දකවමින් ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනු ලැබූ අතර ඉන්දියානු අගමැතිවරයාගේ වාග්ලංකාරය නවදිල්ලිය කෙතරම් යුදකාමීද යන්න ප්‍රදර්ශනය කරන බවත් පවසා සිටියාය.”ඉන්දියාව කලාපයේ ආරක්ශාවට සහ සාමයට දැඩි තර්ජනයක්” යැයි අයිෂා ෆාරුකී මහත්මිය අවධාරණය කරනු ලැබුවාය.

පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේදී පකිස්ථානයේ සිට ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයේ මුර සංචරනයේ යෙදී සිටි ඉන්දීය පොලිස් නිළධාරීන් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරයේදී ඉන්දීය පොලිස් නිළධාරීන් 40දෙනෙකු මියගියේය. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පකිස්ථානයේ ඉන්දීය දේශ සීමාව ආශ්‍රිතව ගුවන් ප්‍රහාර එල්ල කළ අතර පකිස්ථානය විසින් මෙහෙයුම් වල යෙදී සිටි ඉන්දීය ප්‍රහාරක ගුවන් යානාවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රහාරක යානාවක සිටි ගුවන් නියමුවෙකු පකිස්ථාන හමුදා අත් අඩංගුවට පත්විය. පසුව ඔහු ඉන්දීය රජයට භාර දෙනු ලැබීය. එම සිද්ධිය පකිස්ථානු ගුවන් හමුදාවේ දක්ෂතාවය පෙන්නුම් කරන්නක් බව යුද විශ්ලේෂකයන්ගේ මතය විය.

ඉන්දීය අගමැතිවරයාගේ දරුණු වාග්ප්‍රහාරය හමුවේ පකිස්ථානයේ හැසිරීම ප්‍රශංසනීය බව පවසන දේශපාලන විශ්ලේෂකයෝ දෙරටම තම න්‍යෂ්ටික බලය ප්‍රදර්ශනය කිරීමට යාම කලාපයේ සාමයට සහ ස්ථාවරයට දැඩි බාධාවක් බව පවසා සිටී.කෙසේ වුවද ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ හිටපු ඉන්දීය දේශපාලන නායකයන් එරට හමුදා නායකයන්ගේ යුද උන්මාදයට යට නොවුනද නරේන්ද්‍ර මෝඩි පකිස්ථානය සමඟ යුද වැදීමට හේතු සොයමින් පසුවන බව තහවුරු වන බවය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර

 (පකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අයිෂා ෆාරුකී මහත්මිය )

සබැඳි පෙර පුවත් –

පකිස්ථානය දූවිල්ලක් බවට පත් කිරීමට අපට අවශ්‍ය වන්නේ දින 10ක් පමණයි – නරේන්ද්‍ර මෝඩි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More