දේශීය පුවත්

අතුරුදන්වුවන්ගේ කාර්යාලය සඳහා පත්කෙරුණු කොමසාරිස්වරුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 28දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

මෙහි සභාපති ලෙස ජනාධීපති නීතීඥ සාලිය පීරිස් මහතා කටයුතු කරන අතර, ජයදීපා පුණ්‍යමුර්ති, මේජර් ජනරාල් (විශ්‍රාමික) මොහාන්ති ඇන්ටොනට් පීරිස්, ආචාර්ය ශ්‍රීයානි නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ. ලියනගේ සහ කණපතිපිල්ලෙයි වේන්දන් යන මහත්ම මහත්මීහු සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.

පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කරන ලද අතර, කොමසාරිස්වරුන් පත් කිරීමත් සමගම මෙම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලා ඔවුන්ගේ තත්ත්වය නීර්ණය කිරීම අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැවරෙන වගකීම වෙයි.

ශ්‍රී ලංකාව විසින් දේශීය වශයෙන් නිර්මාණය කොට ක්‍රියාත්මක කරන සංහිඳියා යාන්ත්‍රණයන් හෙවත් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන්හි පළමු පියවර මෙය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More