දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුමට සමගාමීව රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උළෙලක් 2018 පෙබරවාරි 27 වෙනි දින රුසියාවේ මොස්කව් නගරයේ ලොටෝ ප්ලාසා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රුසියාවේ විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉගර් මර්ගුලොව් මහතා සහභාගී වූ අතර රුසියානු විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය සෙර්ගේයි ලාව්රොව් මහතාගේ විශේෂ ඉල්ලීම මත රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රධානය කරනු ලැබීය.

වර්ෂ 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා කාලය තුල, මොස්කව්හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ අති විශිෂ්ඨ කාර්යභාරය හා කැපවීම අගය කරන බව මෙහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මේ පිලිබඳ අප කල විමසීමකදී රුසියාවේ දීර්ඝ කලක් වෙසෙන ශ්‍රී ලංකාවේ දේශහිතෛෂී ව්‍යාපාරයේ ක්‍රියාකාරික සාමාජික හා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ පුරෝගාමියෙකුද වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසා සිටියේ, වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ අධ්‍යාපනය ලැබුවෙකු වීම මෙන්ම රුසියානු ජනතාවගේ සිතුම් පැතුම් හා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයන් මනාව හඳුනන්නකු ලෙස පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට උපායමාර්ගික ලෙස වැදගත් වන ක්‍රියාවන් රැසක් සිදුකර ඇති බවයි. ඒ අතර දශක කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සංවිධානය කිරීම හා අප රටට දැඩි ආර්ථික බලපෑමක් එල්ලවිය හැකිව තිබූ, පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන භෝග සඳහා පනවා තිබුණු තහනම ඉතා කෙටි කලකින් ඉවත් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ලෙස මැදිහත් වීම වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ දක්ෂතාවය ඉතා ඉහලින් පිළිබිඹු කෙරෙන සිද්ධීන් ලෙස ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More