අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින උග්‍ර වන ගැටලුවක් බවට පත්වී ඇත. මේ නිසා වසරකට වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිතද විශාල ප්‍රමාණයක් අහිමි වෙයි.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් පසුගිය වසරේ සිට මේ දක්වා වන අලි 63 දෙනෙකු මරණයට පත්ව ඇති අතර 2010 වසරේ සිට 2017 වසර දක්වා වන අලි පහරදීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු පමණ මරණයට පත්ව ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලය පෙන්වා දෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසන් වරට වන අලි පිළිබඳ සංගණනයක් කර ඇත්තේ 2012 වර්ෂයේදීය. ඒ අනුව ලංකාවේ අලින් 5879 දෙනෙකු හා ඇතුන් 1042 දෙනෙකු වාර්තා වී තිබේ. එමෙන්ම මේ වන විට ලංකාවේ වසරකට අලිඇතුන් 200 කට අධික ප්‍රමාණයක් විවිධ හේතු මත මියයන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...