විදේශ පුවත්

චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(28) චීනයේ අගනුවර වන බීජිං හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් හමුවී තිබේ.

චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ චීන ජනතාව දැන් වසංගතයට එරෙහිව ඉතා බරපතල සටනක යෙදී සිටින අතර, ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සෑම විටම පළමු තැනට පත්වන බවත්, එම නිසා කොරෝනා වෛරසය පාලනය කිරීම මේ වන විට රටේ වැදගත්ම කාර්යක් බවත්ය.

CCTV පුවත් සේවය වාර්තා කළේ ගෝලීය මහජන සෞඛ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැදගත් කාර්යභාරය ජනාධිපතිවරයා අගය කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගීතාවය චීනය විශාල වැදගත්කමක් දරන බවත් පැවසු බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මේ වසංගතය යක්ෂයෙක්.” බවයි.

කොරෝනා වෛරසයට එරෙහි සටන කෙසේ හෝ ජය ගන්නා බව චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Tedros Adhanom, director general of the World Health Organization, left, meets with Chinese President Xi Jinping before a meeting at the Great Hall of the People in Beijing, Tuesday, Jan. 28, 2020. (Naohiko Hatta/Pool Photo via AP)


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More