විදේශ පුවත්

RT වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක ආර්ථික විශ්ලේෂණ කටයුතු සිදුකරන “කෙයිසර් රිපෝට්” නම් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව අමෙරිකාවේ ගුවන්යානා නිර්මානය කරන දැවැන්ත සමාගමක් වන බෝයිං සමාගම තවදුරටත් ඇවිදින මළමිනියක් බවට පත්වී තිබේ.

කෙයිසර්ගේ විශ්ලේෂණයට අනුව මේවන විට බොයිං සමාගම තම සමාගමේම කොටස් ඉතාම අඩු පොලියකට මිලදී ගෙන තිබේ.ලබාගන්නා අරමුදල් සමාගමේ උන්නතිය වෙනුවෙන් යොදවනවා වෙනුවට ඉතාම නින්දිත ලෙස වංචාකරනු දක්නට ලැබෙන බව මැක්ස් කෙයිසර්, කෙයිසර් රිපෝට් වෙත පවසා සිටී.”අනෙක් අතට බොයිං සමාගමේ විධායක නිළධාරීන් ෆෙඩරල් සංචිතයෙන් ලබාගන්නා අරමුදල් සෘජුවම තම පොකට්ටුවට දමා ගන්නවා”යැයි මැක්ස් කෙයිසර් පවසයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටින්නේ” බොයිං සමාගම තව දුරටත් සජීවී සමාගමක් නොවෙයි,සමාගමට 0% අනුපාතයට ණය ලැබුනත් එය යථාතත්වයට පත් කළ නොහැකි කුණු කූඩයට වැටුනු සමාගමක්.බොයිං සමාගම වැඩකට නැති සම්පූර්ණයෙන්ම බුන්වත් වුනු සමාගමක්” ලෙසයි. “කෙයිසර් රිපෝට්” විශ්ලේෂණයට අනුව S & P 500 දර්ශකයේ මෙවැනි ඇවිදින මළමිනී බවට පත්වූ සමාගම් බොහෝ ගණනක් තිබේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More