ප‍්‍රධාන පුවත්

චීනය පදනම් කරගනිමින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය වැළැක්වීමට හා පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තමා විශ්වාසයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ජෙනරාල් TEDROS Adhanom Ghebreyesus පවසයි.

වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා චීනයේ සිදුකරන සංචාරය අතරතුර බීජිං නුවරදී චීන විදේශ ඇමැති වැන්ග් යී ඉන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. මෙම හමුව සිදුවූයේ ඊයේ (28 වැනිදා) දිනයේය.

මෙහිදී ටෙ​ඩ්‍රොස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෛරසය වැළැක්වීමට සහ පාලනය කිරීම සඳහා චීන ජනරජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව හා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රසාදය පළකරන බවයි. චීනයේ රැඳී සිටින විදේශිකයන් වහාම ඉවත් කිරීම සහ හදිසි ක්‍රියාමාර්ගවලට යොමුවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අන්තර්ජාතික ප්‍රජාව වෙතද එහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More