විදේශ පුවත්

පවතින වර්ධනවේගයම පැවතුනහොත් නව චීන කොරෝනා වෛරසය ලෝක වසංගත තත්වයක් දක්වා පැතිරයාහැකි බව රුසියානු විද්‍යා ඇකඩමියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් සර්ජෙව් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. ඔහුගේ අදහසට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුය.

මේ අතර රුසියාවේ ෆෙඩරල් සෞඛ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී වෛද්‍ය ජෙන්නාඩි ඔනිෂෙන්කො මහතා “මොස්කව් හඬ” ගුවන්විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ ” සියලු දෙනාම අස්වසනු පිණිස මට කිවහැක්කේ අද වනවිට මෙම වෛරස ආසාදනයට ප්‍රතිකාර පිණිස අප සතුව ඖෂධ වගර්‍ 30කට වඩා තිබෙනවා. ඒවාගේම ඒවා මේ මොහොතේදීත් රුසියාවේ භාවිතා කරනු ලබනවා.එම ඖෂධවලින් 12ක්ම එච්.අයි.වී වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අප යොදාගන්නවා.”යනුවෙනුයි.වෛද්‍ය ඔනිෂෙන්කො මහතා වර්තමානයේදී රුසියානු පාර්ලිමේන්තුව(ඩූමාව ) නියෝජනය කරනු ලබයි.

රුසියානු බලධාරීන්ට අනුව රුසියාවෙන් මෙතෙක් එකදු නව 2019-nCov virus ආසාදිතයෙකු මෙතෙක් වාර්තා වී නැති අතර රුසියාවේ චීන දේශසීමාවේ ප්‍රදේශවලින් සිද්ධීන් වාර්තා වී ඇති බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More