විදේශ පුවත්

චීන සෞඛ්‍ය අමාත්‍ය මා ක්සියෝවයි මහතා චීනය මුහුණ දී තිබෙන කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් අමෙරිකාව අතිශයෝක්තියෙන් ලෝකයට කරුණු දක්වන බව පවසා සිටී.
වසංගතය සම්බන්ධයෙන් අනවශ්‍ය භීතිකාවකින් පෙලෙන “රෝග පාලනය සහ නිවාරණය කිරීමේ අමෙරිකානු මධ්‍යස්ථානයේ” උපදේශකයෙකු වන වෛද්‍ය ෂාෆ්නර් මහතා කොරෝනා වෛරසය මුලදී හිතුවාට වඩා භයානක ලෙස පැතිර යන රෝගයක් බව ප්‍රකාශ කරන බව චීන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටී.

අමාත්‍යවරයාගේ මතයට අනුව අමෙරිකාවෙන් හමුවූ වෛරසය ආසාදිත රෝගීන් පස් දෙනාම චීනයේ වුහාන් ප්‍රදේශයේ සංචාරය කළ අය වූ අතර ඔවුන් මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නන් බව ඇරිසෝනා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දී ඇත.තවද ඒ මහතාගේ අදහසට අනුව “රෝග පාලනය සහ නිවාරණය කිරීමේ අමෙරිකානු මධ්‍යස්ථානය” රෝගීන් යැයි සැකකෙරෙන අය සියයකට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කළ බවත් රෝගීන් සංඛ්‍යාව මීට වැඩිවිය හැකි බවත් පැවසීම අතිශයෝකතියක් බව අමාත්‍යවරයා පවසා සිටී.

චීන රජය රෝගය පැතිරෙන කේන්ද්‍රය යැයි හඳුනාගත් වුහාන් නගරය නිරෝධායනයට ලක් කර ඇත්තේ මිලියන් 11ක ජනතාවක් නිවැරදි ලෙස කළමනාකරණය කරගනිමිනි.වුහාන් නගරය අයත්වන හුබෙයි ප්‍රාන්තය ආශ්‍රිතව මෙන්ම සමස්ත චීනය පුරාම වෛරස් ආසාදනය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව 81ක් වන අතර ලෝකය පුරාම සමස්ත රෝගීන් ගනන 2835ක් පමණවන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More