දේශීය පුවත්

ඇප රාජසන්තක වූ අපේක්ෂකයින්ට ද පළාත් පාලන සභිකයින් ලෙස තෝරාපත්කරගැනීමට හැකිවීමෙන් නව මැතිවරණ ක්‍රමයේ තිබෙන අසාධාරණය හා ව්‍යාකූලත්වය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එම නිසා මෙම ව්‍යාකුලත්වය නැතිකරගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂවල වගකීමක් තිබෙන බවත් එම ව්‍යාකුලත්වය කඩිනමින් නිවැරදි කරගැනීමට ක්‍රියාකළ යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධීපතිවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශකළේ අද (01) දින තංගල්ල කාල්ටන් නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග පැවති සාකච්ඡාවකදීය.

රටක ජනමතයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණක් බවත් ඒ අනුව පළාත් පාලන ආයතනවලින් 71% ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම අවස්ථාව හිමිවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඕනෑම මැතිවරණයකදී බහුතරයක් දිනාගන්නා දේශපාලන පක්ෂයට අදාළ පාලනය කරගෙනයාමට හැකිවන පරිදි අදාළ නියෝජිතයින් පත්විය යුතු බවත් එසේ නොකොට යම් ව්‍යාකූලත්වයන් ඇතිකරන්නේ මේ රට අරාජික කිරීමට කටයුතු කරන පිරිස් බවත් රටේ පොදු මහජනතාව ඔවුන් ගැන ඉතා හොඳ අවධියෙන් සිටින බව සියලුම දෙනා මතක තබා ගතයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මීට අමතරව තඹුත්තේගමදී ගොවි ජනතාවට එල්ල කරනලද ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් ගොවි මහත්වරුන් 59 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබීමෙන් එම ගොවි පවුල් අසරණ වී සිටින බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More