පළාත් පාලන ආයතන වලින් 71% ලබාගෙන පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ප්‍රකාශ කරයි.
තිරුපති දේවාලය වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාහ කළේය.
ඉන්දිය මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු හිටපු ජනාධීපතිවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳවයි.
පළාත් පාලන ඡන්දයෙන් තමා නියෝජනය කළ පක්ෂයට විශිෂ්ඨ ජනවරමක් රටේ පොදුමහජනතාව ලබාදී තිබෙන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉතා හොඳ දර්ශනයක් සහිතව තමා ක්‍රියාකරන නිසා රටේ ජනතාව මෙසේ ජනවරමක් ලබාදී තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවරයින් මුහුණපා තිබෙන ගැටළු සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විසින් විමසීමක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධිවරයින්ගේ ගැටළු විසඳීම සඳහා දෙපාර්ශවයම එක්ව තීරණයකට පැමිණිය යුතු බවත් අවාසනාවකට එය සිදුවන්නේ නොමැති බවත් පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ සඳහා තමි උත්සාහ ගන්නා බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සංචාරයට බැංගලෝර් පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණි. අද(28) දින රාත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණිමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...