විදේශ පුවත්

චීනයේ හටගත් කොරෝනා වෛරසය හොංකොං දේශයටද පැතිරී ඇතිබව තහවුරු කරමින් වෛරසය වැළඳුනු රෝගීන් 8 දෙනෙකු දැනටමත් සොයාගෙන ඇති බව එරටින් ලැබෙන වාර්තා මගින් තහවුරු වේ.තවත් රෝගීන් තුන්දෙනෙකු එම ලැයිස්තුවට ඇතුලත් වීමට නියමිත බවද එරට සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කර ඇත.

ඇතිවී තිබෙන තත්වය පාලනය කිරීම පිණිස හොංකොං බලධාරීහු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර හඳුනාගන්නා රෝගීන් වෙන්කර තැබීමේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමටද කටයුතු කර ඇත. නමුත් බීජිං විරෝධීන් පිරිසක් හොංකොං රාජ්‍යයේ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුනින් එම නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිනිතැබීමට පටන් ගෙන ඇතිබව වාර්තාවේ.

ඔවුන්ගේ තර්කය වන්නේ එවැනි මධ්‍යස්ථාන ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටුවීමෙන් නිරෝගී ජනයාටද රෝගය බෝවීමේ තර්ජනයක් ඇති බවයි. කෙසේ වුවද හොංකොං බලධාරීන් පවසන්නේ ඔවුන් මෙම මධ්‍යස්ථාන පිහිටවනු ලැබුවේ රෝගීන් සමඟ සම්බන්ධවුනු එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් කර තබා නිරීක්ෂණය කිරීමේ සහ ඔවුන්ගෙන් යම් හෙයකින් රෝගය පැතිරවීමේ ඉඩකඩක් තිබුනහොත් එය වලක්වා ගැනීම අරමුණු කරගෙන බවයි.

වසංගත තත්වයක් හටගත් අවධියකදී පවා හොංකොං රාජ්‍යයේ වෙසෙන බීජිං විරෝධීහු මෙලෙස හැසිරෙන්නේ ඔවුන් පිටුපස සිටින අදිසි හස්තය කෙතරම් චීන විරෝධී මතයක සිටින නිසාදැයි තහවුරු වන බව දේශපාලන විශ්ලේෂ්කයෝ පවසති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More