විදේශ පුවත්

චීන ජනපති ෂී ජින් පින් මහතා එරට ජනයා මුහුණ දී තිබෙන මාරාන්තික වසංගත වෛරසයට එරෙහි සටන ජයග්‍රහනයෙන් අවසන් කළ හැකි බව අවධාරනය කර සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැසිවීමක් අතරතුර අදහස් දකිවමින් පවසා ඇත්තේ ” අපට දැඩි ආත්ම ශක්තියක් තිබෙනෙතාක්,එක්ව වැඩ කරනතාක්,වෛද්‍ය විද්‍යාත්මක රෝග නිවාරන ක්‍රම සහ සුවකිරීමේ ක්‍රම අනුගමනය කරනතාක් අපිට කොරෝනා වසංගත වෛරසය මර්ධනය කිරීම පහසුවෙන් කළ හැකියි.” යනුවෙනි.

කෙසේ වුවත් චීනය කොරෝනා වෛරස් වසංගතයෙන් බරපතල ලෙස පීඩා විඳින අතර මේ වනවිට මරණ 56 ක් සහ චීනය තුළින් වාර්තා වී ඇති අතර සමස්ත ලෝකයෙන්ම වාර්තා වූ ආසාදිත රෝගීන් 2000න් වැඩිදෙනෙකු චීන වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ අතර චීන මාධ්‍ය වාර්තා පවසන්නේ , රෝගය වැළඳුනු චීන ජාතිකයන් ගෙන් 38 දෙනෙකු සුවය ලබා තිබෙන බවයි.

නමුත් මේ දක්වා රෝගයට නිශ්චිත ඖෂධ සොයා ගෙන නැති අතර රුසියාවද කොරෝනා වෛරසය මර්ධනය කිරීමට අවශ්‍ය ඖෂධ පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බව වාර්තාවේ. චීනයේ ප්‍රධාන භූමියේ නගරාන්තර බස් සේවා වලට සීමා පැනවිම අද සිට සිදු කිරීමට නියමිත බව පැවසෙන අතර වෛද්‍ය කන්ඩායම් මගීන්ගේ ශරීර උෂ්නත්වය පරීක්ෂා කිරීමේ කටයුතු වල නිරතවෙමින් සිටී.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More