ක්‍රීඩා පුවත්

ලබන හය වැනිදා ආරම්භවන විස්‌සයි විස්‌ස තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා විසි දෙනකුගෙන් යුත් සංචිතයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් නම් කර ඇති අතර එහිදී නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට යළිත් වරක්‌ ශාරීරික යෝග්‍යතාව හරහට සිටීම හේතුවෙන් මෙම තරගාවලියද අහිමිව තිබේ.

“මැතිව්ස්‌ දැන් ක්‍රියාත්මක විස්‌සයි විස්‌ස තරගාවලිය නියෝජනය කළෙත් නැහැ. අපි කියල තියෙන්නෙ ශාරීරික යෝග්‍යතාව පෙන්වන්න හැමෝටම තරග කරන්න කියලා. කොහොම වුණත් මේ තරගාවලියට මැතිව්ස්‌ගේ තත්ත්වය එතරම් සුදුසු නැහැ.” යනුවෙන් මැතිව්ස්‌ගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි පැවසීය.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටද මෙවර ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබීම විශේෂත්වයකි. ඔහු පසුගිය සති අන්තයේ පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් ශාරීරික යෝග්‍යතාව පෙන්වීමට සමත් වෙමින් ලකුණු 30 කට කඩුලු 2 ක්‌ බිඳ දැමීය. අනතුරුව ඊයේ බී.ආර්.සී. කණ්‌ඩායමට එරෙහිව තරගයේදී ලකුණු 24 කට කඩුලු 3 ක්‌ බිඳ දැමීය. එහෙත් තේරීම් කමිටුවට මාලිංගගේ එම දක්‍ෂතාව ජාතික කණ්‌ඩායමට නම් කිරීම තරම් ප්‍රමාණවත් නොවී තිබේ.

නම් කරන ලද විසි දෙනකුගෙන් යුත් සංචිතයට ආබාධ ලැයිස්‌තුවේ සිටි කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්‌මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ඇතුළත්ව තිබේ. මීට අමතරව විසි දෙනාගේ සංචිතයට ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රමද ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌, උපුල් තරංග, දසුන් ශානක, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්‌, සධීර සමරවික්‍රම, අකිල ධනංජය, අමිල අපොන්සු, කුසල් ජනිත් පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩ්‍රසි, නිරෝෂන් දික්‌වැල්ල සහ දුෂ්මන්ත චමීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More