විදේශ පුවත්

ඉරානයේ ඉහළම හමුදා නිළධාරියෙකු වූ ජෙනරල් සොල්මෙනි ඝාතනය කිරීමෙන් පසුව තීව්‍රවූ ඉරාන අමෙරිකා ගැටුම තව තවත් ඉදිරියට යමින් අමෙරිකාව විසින් ඉරානය සමඟ ගනුදෙනු කරනු ලබන සමාගම් වලට සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකාව විසින් ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සහ සමාගම් හයකට නව අමෙරිකානු සම්බාධක පනවා තිබේ.එම සමාගම් හයෙන් හතරක්ම ඉරාන රජයට අයත් ඛනිජ තෙල් සමාගම් සමඟ කටයුතු කරන සමාගම් වීමද විශේෂත්වයකි.

සමබාධක පැනවීමට හේතුව ලෙස අමෙරිකාව ඉදිරිපත් කරන්නේ ඉරානයේ ඛනිජ තෙල් සමාගම් වලට ඩොලර් මිලියන ගනන් උපයා ගැනීමට ආධාර කරමින් ඉරානයේ ” විප්ලවීය ඉස්ලාමික ආරක්ෂක හමුදාවේ” කටයුතු වලට ප්‍රතිපාදන සැපයීම බවයි.

සම්බාධක වලට ලක්වන සමාගම් අතර ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගත් එක් සමාගමක් සහ එක් ඉරාන සමාගමක් වන අතර අනෙක් සමාගම් හොංකොං රාජ්‍යය කේන්ද්‍ර කරගත් සහ චීනය කේන්ද්‍ර කරගත් ඒවා බවද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයි මහතා සඳහන් කරන්නේ “ඉරානය සාමාන්‍යය රටක් ලෙස ක්‍රියා කරන තෙක් ” සම්බාධක බල පැවැත්වෙනු ඇති බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More