විදේශ පුවත්

චීනයේ පැතිරයන මාරාන්තික කොරෝනා වෛරසයට හේතුව සර්පයන් ආහාරයට ගැනීම බව පර්යේෂකයින් පිරිසක් පවසනවා.

වෛරසයේ ආරම්භය පිළිබඳ විවිධ මතිමතාන්තර මේ වනවිට ඉස්මතුවී ඇති අතර විද්‍යාඥයින් වැඩිම පිරිසකගේ අදහස වී ඇත්තේ චීනයේ වූහාන් නගරයේ පිහිටි සත්ත්ව මාංශ අලෙවිකරන මහාපරිමාන වෙළෙඳපොලකින් මෙම වෛරසය පැතිරගොස් ඇති බවයි. සර්පයින් ඇතුළු වන සතුන් විශාල වශයෙන් මෙම වෙළෙදපොල තුළ නීතිවිරෝධී ලෙස මස් පිණිස අලෙවිකිරීම සිදුවනවා. පර්යේෂකයින්ගේ අදහස වන්නේ ජාන විශ්ලේෂනයන්ට අනුව වෛරසය වැඩිවශයෙන් ආසාධනය විය හැක්කේ සර්පයින්ගෙන් බවයි.

මේ වනවිට වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවීම ආරම්භ වී අතර ජීවිත 17 කට වැඩි සංඛ්‍යාවක් අහිමිවී තිබෙනවා. මින්පෙර වාර්තා වූ සාර්ස් රෝගයට සමාන ලක්ෂණ මෙම රෝගයේ ද පෙන්නුම් කරන අතර උණ සහ කැස්ස මෙන්ම පෙනහළුවල ආබාධ ඇතිවීම සිදුවනවා. හුස්ම ගැනීමට අපහසුවීම ඉන් ප්‍රධාන රෝග ලක්ෂණයක් බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ. චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වනවිට ජපානය, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදයට ද ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සාකච්ඡාවක් ඇතිවුණා. ලොව පුරා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 500 දෙනෙකු වාර්තා වී අතර මෙම සංඛ්‍යාව හාරදහස දක්වා ඉහළ යාහැකි බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More