විදේශ පුවත්

බ්‍රිතාන්‍යය චාන්සලර් සජිඩ් ඩාවිඩ් මහතා, ලොකයේ දැවැන්ත තාක්ෂණික  සමාගම් මත බ්‍රිතාන්‍ය බලාත්මක කිරීමට නියමිත “ඩිජිටල් සේවා” බදු සම්බන්ධව අදහස් දැක්වීමත් සමඟම අමෙරිකා එක්සත් ජනපදය තම රටේ අලෙවි කෙරෙන බ්‍රිතාන්‍යය කාර් සඳහා නව බදු ක්‍රම හඳුන්වා දීමට කටයුතු කරන බව නිවේදනය කළේය.

මෙය මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව අතර වෙළඳ යුද්දයේ එක් පැතිකඩක් විද්‍යාමාන වීමක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පවසති.පසුගිය බදාදා ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වූ  ලෝක ආර්ථික සම්මේලනයට සහභාගි වෙමින් බ්‍රිතාන්‍යය චාන්සල්වරයා අමෙරිකානු මහාභාන්ඩාගාරයේ ලේකම් ස්ටීව් මන්චින් මහතා ඉදිරිපිටදීම තම රජය ජගත් තාක්ෂණික දැවැන්තයන් වන ෆේස්බුක් සහ ට්වීටර් වැනි සමාගම් බ්‍රිතාන්‍යයේදී උපයන ලාභය මත 2%ක බදු මුදලක් පැනවීමට කටයුතු කරන බව පවසා සිටියේය. මෙය දෙරට අතර මතුවී තිබෙන වෙළඳ යුද්දය තවත් තීව්‍රකිරීමට සමත් වී ඇත.
මේ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අමෙරිකානු භාන්ඩාගාර ලේකම්වරයා “බ්‍රිතාන්‍යය අමෙරිකානු ඩිජිටල් සමාගම් මත “අත්තනෝමතික” බදු පැනවීමට කටයුතු කරන්නේ නම්, අමෙරිකාව බ්‍රිතාන්‍යය කාර් සමාගම් අමෙරිකාවේදී ලබන ලාභය  මත “අත්තනෝමතික” බදු පැනවීමට නොපැකිලෙන්නෙමු” යැයි අවධාරනය කළේය.

බ්‍රිතාන්‍යය කාර් නිෂ්පාදන සමාගම් මත අමෙරිකාව බදු පැනවීමට කරනු ලබන තර්ජනය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නව බ්‍රිතාන්‍යය අගමැතිවරයාගේ තීරණය නිසා බ්‍රිතාන්‍යයේ ඇතිවන ආර්ථික අර්බූදය තවත් තීව්‍ර කරන බව දේශපාලන ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
බ්‍රිතාන්‍යයේ මෙම තීරණය , ප්‍රංශය විසින් අමෙරිකානු ගූගල් සහ ෆේස්බුක් සමාගම් වෙත බදු පැනවීමට ගත් තීන්දුව,   ප්‍රංශයේ නිෂ්පාදිත  චීස් අමෙරිකානු වෙළෙඳ පොලේදී ලබන ලාභයට බදු පනවන බවට අමෙරිකාව තර්ජනය කිරීමත් සමඟම ප්‍රංශය හකුලා ගැනීමෙන් පසුව  කරලියට පැමිනීමද විශේෂත්වයක් බව විශ්ලේශකයෝ පවසති.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More