දේශීය පුවත්

තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඔහු ඉල්ලා සිටියේ එනිසා තමන්ට ලබා දුන් නිවස යළි පවරා නොගන්නා ලෙසයි.

“මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා.මට ඒ සඳහා නිවසක් ලැබුණේ 2017 වසරේදී ඊට පෙර කුලියට නිවසක් අරන් ඉන්න කියලා හිටපු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කිව්වා.නමුත් මා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා ඊට කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 20 ක් මා සිටියේ මාදිවල මන්ත්‍රී නිවාස වල ඒකේ පඩි 60 ක් 70 ක් නගින් ඕන.දැන් මගේ වයස අවුරුදු 80 ට වැඩියි.

වත්මන් කතානායකතුමාත් හිටපු අගමැතිතුමාත් මට ඒ අයගේ කැමැත්තෙන්ම මට ආරක්ෂාව සහ අනෙකුත් කටයුතු සඳහා සේවකයින් ලබාදී තිබෙනවා විපක්ෂ නායක වශයෙන් මට ලැබුණ කාර් එක මම ධාවනය කරලා තිබුණේ කීලෝ මීටර් 2082 යි.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වුණාට පසුව මම වහාම ඒ රථය විපක්ෂ නායක කාර්යාලයට බාරදුන්නා.තවදුරටත් මට පෙර මෙන් පඩි 80 ක් නගින්න කියන්න එපා මගේ වයස අවුරුදු 80ට වැඩි.” යනුවෙන් ඔහු සඳහන් කළා.

සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ

“ඔබතුමාට අප ගෞරව කරනවා.ඔබතුමාට දැනට ලබාදී තිබෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ හෝ නැවත ලබා ගන්නේ නෑ.ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඔබතුමාට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස අප වෙත උපදෙස් දී තිබෙනවා..” යනුවෙනුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More