ව්‍යාපාරික පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ යන ලදී. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 8.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 3.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය.

ජා.පා.මි දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.6 ක් ලෙස වාර්තා වූ අතර, ඒ සඳහා හේතු වූයේ, 2019 දෙසැම්බර් මාසයේ දී පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු ඉහළ යෑම් පමණි. ආහාර කාණ්ඩයෙහි එළවළු, සහල්, රතු ළූණු, පොල් සහ මාළු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මේ අතර, 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් ක්‍රියාත්මක කළ බදු පහළ දැමීම් හේතුවෙන්, සන්නිවේදන; නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන; සෞඛ්‍ය; සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම මගින් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 5.5 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 5.6 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More