දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයින් වියත් මග සංවිධානයේ සාමාජිකයින්ට ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙමින් බාධා කරමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“වියත් මග කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සඳහා, එය රටට පැහැදිලි කිරීම සඳහා වියතුන් එකතුවෙලා ඇති කරගත්ත සංවිධානයක්. ඒක නියෝජනය කරපු අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සිටිනවා, ජාතික නිදහස් පෙරමුණත් එක්ක සිටිනවා, පිවිතුරු හෙළ උරුමයත් එක්ක සිටිනවා. ඉදිරි මහමැතිවරණයේදී වියත් මග සංවිධානය නියෝජනය කරපු කණ්ඩායම්වලට දිස්ත්‍රික්ක ගණනාවකින් නාමයෝජනා හිමිවෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා.

පක්ෂවල ඉන්න ජ්‍යේෂ්ඨයින්ගෙන් නෙවෙයි, ඇත්තටම ඇතැම් දිස්ත්‍රික්කවල ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දුර්වල ආසන සංවිධායකයින් කිහිපදෙනෙක් ඉන්නවා. මේ සංවිධායකයින් තමයි බියවෙලා ඉන්නෙ දැන උගත් පිරිසක් ඉස්සරහට ඒම නිසා. ඇත්තටම අපි ඒ පිළිබඳ එතරම් තැකීමක් කළ යුතු නෑ. එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසි පරිදි කළමනාකරණය කරයි කියන අපේක්ෂාව අපට තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී, වියත් මඟට එල්ල වන බාධා පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More