දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.

කැබිනට්‌ මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ.

ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට යැම නිසා රටේ ආර්ථිකය කඩාවැටුණු බවත් දේශීය කර්මාන්ත නැංවීමට ආර්ථික කළමනාකරණ කමිටුව දුන් සහාය ඉතා අල්ප බවත් ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට රටේ ආර්ථිකයට බලපාන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම ජාතික ආර්ථික සභාවට පවරන බවත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කාගේ හෝ අකමැත්තක්‌ වේදැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන් ගෙන් විමසා තිබේ.

එහිදී ඇමැතිවරුන් කිසිවෙකු ඊට විරෝධතාවය පළකර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එස්‌. එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More