විදේශ පුවත්

පසුගියදා රුසියානු අගමැති ඇතුලු කැබිනෙට්ටුව ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මේ වන විට රුසියාවේ පත්වී සිටින නව ආන්ඩුව විසින් පුරවා අවසන් බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව නව ආන්ඩුවේ ඇමති තනතුරු අතර පසුගිය ආන්ඩුවේ ඇමති තනතුරු දැරූ සමහර ඇමතිවරුන් සිටින බවද දක්නට ලැබේ.

පසුගියදා ලංකාවට පැමිණි රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රොව් මහතා මෙවර අමාත්‍ය මණ්ඩලයේ විදේශ ඇමති තනතුර දරනු ලබයි. එසේම සර්ජි ෂොගිව් මහතා දැරූ රුසියානු ආරක්ෂක ඇමති තනතුරෙහිද වෙනසක් වී නැති බව පැවසේ.
මොවුන් දෙදෙනාම රුසියානු දේශපාලන ක්ෂේත්‍රයේ පතාක යෝදයන් බව කියවේ.නව රුසියානු ආන්ඩුවේ මුදල් අමාත්‍ය තනතුරට පත්වූ ඇන්ටන් සිලෝනොව් මහතා 2011 වර්ෂයේ සිටම රුසියාවේ මුදල් අමාත්‍ය දූරය දැරූ පුද්ගලයා වීමද විශේෂත්වයකි.නව රුසියානු ආන්ඩුවේ, පසුගිය ආන්ඩුවේ සිටි ඇමතිවරු නව දෙනෙකුද ඔවුන් තිදෙනා සමඟ තනතුරු දරන අතර ඔවුනට අමතරව නවක මුහුනු නවයක් නව රුසියානු ආන්ඩුවට එකතු වී සිටිති.

නව රුසියානු ආන්ඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් “බොහෝ වෙනස්කම් සිදු වුවද රුසියානු ආන්ඩුව හොඳ සමබරතාවයකින් යුක්තයි” යනුවෙන් පැවසීය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 

(නව රුසියානු ආන්ඩුවේ මුදල් අමාත්‍ය තනතුරට පත්වූ ඇන්ටන් සිලෝනොව් මහතා ඉහළ)

(රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රොව් මහතා සහ රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොගිව්  මහතා පහළ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More