ව්‍යාපාරික පුවත්

පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ.

මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග අද (21) අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව වෙළෙන්දෝ කියති.

කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක්ස් හැර අනෙකුත් එළවළු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැටී ඇත.

එළවලු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150- 300ත් අතර මිලයකට අලෙවි වූ අතර අද (21 ) පෙරවරුව වන විට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 – 80 දක්වා පහත වැටී තිබිණි.

විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 90 දක්වා වූ මිලකට අලෙවි වෙති. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර ඉහළ මිලකට අලෙවි වීම සිදු වූ අතර මේ වන විට එම මිලද කිලෝව රුපියල් 45 දක්වා අඩු ව තිබීම විශේෂයකි.

පසුගිය සති කිහිපයේ රුපියල් 400 ත් 600ත් අතර අලෙවිවූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 දක්වාද රුපියල් 250කට අලෙවිවූ වම්බටු කිලෝව මේ වන විට රුපියල් 45ත් 60 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ දඹළ කිලෝ රුපියල් 35 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පහුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් ගෝවා බෝංචි ලීක්ස් කැරට් මිල පසුගිය සතියට වඩා යම් මට්ටමකින් අඩු වුවද කැරට් කිලෝවක් රුපියල් 350-400ත් අතර බෝංචි කිලෝවක් රුපියල් තුන්සියයකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 160 දක්වා මිල පහත වැටී තිබේ .

ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සිය හැටකට අලෙවි වූ අතර මේ වන විට ලීක්ස් කිලෝවක තොග මිල ද රුපියල් 240 දක්වා පහත වැටී තිබේ. ඉකුත් සතියේ රුපියල් 350ක් 400ක් අතර වූ අතර අලවි වූ තක්කාලි කිලෝ තොග මිල ද රුපියල් 250 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියා සිටියේ මින් ඉදිරියට දිගටම එළවළු ලැබීමත් සමඟ මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බව ය .යාපනය අර්ධද්වීපයෙන් වීශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොග ලැබීමත් එක්ක පසුගිය සතියේ කිලෝව්ක් රු 280කට අලෙවි වූ බිට් කිලෝව රුපියල් 60 දක්වා පහත වැටි ඇති බව දඹුල්ලේ වෙළෙන්දෝ කියති .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More