දේශීය පුවත්

කොට්ටාව සිට පිටකොටුව දක්වා කණු මතින් දිවෙන විදුලි කාර් සේවාවක් ආරම්භ කිරීමට ව්‍යාපෘති වාර්තාවක් චීනය මගින් ආණ්ඩුවට ලබාදී ඇත.

චයිනා රේල්වේ ගෲප් ලිමිටඩ් ආයතනය විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරටය.

උස අඩි 17ක් වන කණු මත කිලෝමීටර් 22ක් දුරට මාර්ගය නිර්මාණය වන අතර වායු සමීකරණය කරන ලද විදුලි කාර් ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සෑම විනාඩි පහකට වරක්ම විදුලි කාරයක් ධාවනය වන අතර මගීන් දසදෙනකුට පමණ එක්වර එහි ගමන් කළ හැකි බව එම ව්‍යාපෘති වාර්තාවේ සඳහන් වෙයි.

විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් සූරිය බලයෙන්ද විදුලි කාරය ධාවනය කළ හැකි වෙයි. වසර එකහමාරක් ඇතුළත මාර්ගය ඉදිකර අවසන් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. හයිලෙවෙල් මාර්ගයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඇමැති මණ්ඩලය දැනුවත් කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමැති මහින්ද අමරවීර පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More