දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කළේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

කරූ ජයසූරිය ඉදිරිපත් කළේ නම් ඔහු ජයග්‍රහණය කරන්නේ යැයි තමා නොකියන බව සඳහන් කළ මන්ත්‍රීවරයා පක්ෂය මගින් සිදු කළ සමීක්ෂණවල දී ඉදිරියෙන් සිටියේ කරූ ජයසූරිය බවත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව වෙනත් සිංහල බෞද්ධ බලවේග ද කරූ ජයසූරියට සහාය ලබා දීමට සූදානම් වූ බව ද ආශු මාරසිංහ හෙළිදරව් කළේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

කෙසේ වුවද එජාපයම නියෝජනය කරමින් එහි පැමිණ සිටි නලින් බණ්ඩාර පැවසුවේ ආශු මාරසිංහ පවසන්නේ බොරු බවය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ එක්සත්ජාතික පක්ෂයට සහාය දීමට කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවද අවස්ථා කිහිපයකදී හෙළිදරව් කර තිබිණු.

ජනපතිවරණයේදී ජවිපෙ සහය එජාප යට දෙන්න හිටපු හැටි ආශු හෙළිකරයි

ජනපතිවරණයේදී ජවිපෙ සහය එජාප යට දෙන්න හිටපු හැටි ආශු හෙළිකරයි

Gepostet von Hiru News am Montag, 20. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More