දේශීය පුවත්

මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.

පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර රන්ජන් රාමනායක මහතා ඒ සියලුම රැස්වීම්වලට සහභාගිවීමට නියමිතය.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More