කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙය සිදුව ඇත.
කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකකට ආසන්න පෙට්‍රල් තොගයක් මෙසේ කාන්දු වී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 240කට අධිකය.
ඒ ආකාරයට නැප්ටා ලීටර ලක්ෂ දෙකක්ද ටැංකියෙන් කාන්දු වී තිබේ. නැප්ටා ලීටරයක් රුපියල් අසූවකට පමණ විදුලිබල මණ්ඩලයට අලෙවි කරන අතර එසේ කාන්දු වූ නැප්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 160කි.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...