විදේශ පුවත්

ඉරාකයේ බැග්ඩෑඩ්  නුවර  අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය පිහිටි “හරිත කලාපයට” රොකට් ප්‍රහාර තුනක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කරයි. අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණයට අමතරව වෙනත් විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්යාලද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ බව ඉරාක ජනමාධ්‍ය පවසයි.

ඊයේ(20) රාත්‍රියේ රොකට් ප්‍රහාර දෙකක් හරිත කලාපයේ අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය පිහිටි ප්‍රදේශයට ඉලක්කවී ඇති අතර අනෙක් රොකට් ප්‍රහාරය හරිත කලාපයේ වෙනත් ස්ථානයකට පතිත වී ඇති බවද පැවසේ.

ප්‍රහාරය බැග්ඩෑඩ් නුවර ආසන්නයේ පිහිටි ස්ථානයක සිට එල්ලවී ඇති බව පැවසේ. ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ලවන මෙවැනි ප්‍රහාර පසුගිය සතිය පුරාම දක්නට ලැබුනු බව ඉරාක ආරංචි මාර්ග පවසයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More