ආන්දෝලනයකට ලක්ව ඇති ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා දෙකක් අද (21 වැනිදා) පස්වරු 2.00 ට ඒකාබද්ධව රැස්වේ.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21 වැනිදා) මෙසේ රැස්වේ.
මෙම කාරක සභා දෙකේ සාමාජිකයන් ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කරති. අද පවත්වන රැස්වීමට රාජ්‍ය නිලධාරීහුද අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ද සහභාගී වෙති. ‘හතේ අපේ පොත’ සම්බන්ධව විවේචන එල්ල කළ මහා සඟරුවනටද අද (21 වැනිදා) රැස්වීමට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...