ආනයනික කිරිපිටි හේතුවෙන් සිදුවන අනිසි බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව ඊයේ (20 වැනිදා) ආරම්භ කළේය.
2019 දෙසැම්බර් මස 05 වැනි දින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකදී කිරිපිටි භාවිතය හේතුවෙන් සිදුවන විපාක පිළිබඳව දිවයින පුරා සෞඛ්‍ය ආයතන දැනුවත් කිරීමට තීරණය කළේය.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සියලුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනු ලැබුවේ ඊයේ (20 වැනිදා) උදෑසන 9.00ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එම දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලෙසය.
ඒ අනුව ඊයේ (20 වැනිදා) එහි ප්‍රධාන උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේදී පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...