දේශීය පුවත්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු  දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

කටාර් රාජ්‍ය,තුර්කිය,ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක්ද පත්ව සිටිති.

ශ්‍රි ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනිමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනිමට කැපවන බවට ඔවුහු  ප්‍රතිඥා දුන්හ.

අද අක්තපත්‍ර භාරදුන්  රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More