දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක්  මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති මත්දව්‍ය නිවාරණ පළාත් මෙහෙයුම් කමිටුවේදි දර්ශන මහතා අදහස් දක්වමින් එයේ පැවසීය.

ජනග්‍රහනයෙන් 1,613,777 දෙනෙකු සිගරට්, 1,063,383ක් මත්පැන්, 178,643 ක් ගංජා, 70,862ක් හෙරොයින් සහ  12,932ක් විෂ මත්ද්‍රව්‍ය යන ඒවා දිනපතාම පානය කරීමට ඇබිබැහි වී ඇති බව පර්යේෂණ වලින් සොයාගත් බවද දර්ශන මහතා පැවසීය.

අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය 2019 වසරේ ජනවාරි සිට ජුලි මාසය අතර කාලයේ පොලිසිය,බන්ධනාගාරය,ජනාධිපති කාර්යාලය එක්ව මත්දව්‍ය කමිටු හරහා ග්‍රාම නිළධාරී වසම් මට්ටමෙන් මෙම සමීක්ෂණය සිදු කළ බව කියයි.

ලංකාවේ අවුරුදු 18ට අඩු කාන්තා හා පිරිමි බාල වයස්කරුවන් මෙන්ම 18ට හෝ ඊට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශයම මත්පැන් සිගරටි හා නිති විරෝධි මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වී සිටින බවද කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More