ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකළ නව සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.
“පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම එකඟතාවකට ආවා, අපෙ පක්ෂ අතර එකඟතාවක් ගිවිසුමක් අත්සන් කළා තුනෙන් එකක කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්න. ඒ පදනමින් තමයි සියල්ල බෙදන්න සාකච්ඡා කරලා අපි එකඟතාවකට ආවෙ. ඊට අනුව තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...