දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනීම ගැනීම රටට වාසිදායක බව මුදල් ඇමතිවරයා ලෙස මිට ඉහතදී පවා අවධාරණය කළ මංගල සමරවිර, ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ද වත්මන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ එම ගිවිසුමට අත්සන් කර රටට වැඩක් ගන්නා ලෙසයි.

පසුගිය ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ මොහොතක ජනාධිපතිවරණ වේදිකාවල සහ නොයෙකුත් සංවිධාන විසින් රටට හතුරු ගිවිසුමක් බවට චෝදනා කළ බවත් වර්තමාන ආණ්ඩුවේ වගකිවයුතු බොහෝ දෙනෙකු මේ වන විට මධ්‍යස්ථ ස්ථාවරයක සිට තීන්දු ගනිමින් සිටීම සතුටට කරුණක් බවද ඔහු අවධාරනය කර සිටියි.

මේ අතර ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් MCC,SOFA,SCSA ඇතුළු සියලුම විදෙස් ගිවිසුම් ඉරා දැමිය යුතුබවට ප්‍රකාශයක් කර තිබූ අතර ඊට පිළිතුරු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් MCC ගිවිසුම ඇතුළු අනෙකුත් විදෙස් වෙළඳ ලිවිසුම් අත්සන් කිරීම මගින් රටට සිදුවීමට නියමිත අනර්ථය පිළිබඳව මේ වන විටත් බොහෝ විද්වතුන් රටේ ජනතාව හමුවේ අනාවරනය කර අවසන්ය.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන (MCC) හිටපු ඇමති මංගල කියන කතාව

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන (MCC) හිටපු ඇමති මංගල කියන කතාව

Gepostet von Vipakshaya.lk am Sonntag, 19. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More